2016 වර්ෂයේ මාසික නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 ජනවාරි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 0.7%ක වැඩිවීමක් පවතින බව කාර්මික නිෂ්පාදන දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා පවසයි.
2016 මාසික නිෂ්පාදනයට සාපේක්ෂව 2017 ජනවාරි මස ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදන (24.7%), විදුලි උපකරණ නිෂ්පාදන (12.%) සහ මූලික ලෝහමය නිෂ්පාදනවල (9.1%) කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ. මෑතකාලීන ඉදිකිරීම් කර්මාන්තයෙහි සිදු වූ වර්ධනය ලෝහ නොවන ඛණිජමය ද්‍රව්‍ය නිෂ්පාදනවල වර්ධනයට හේතු විය හැකි බවද පෙන්වා දෙයි. එමෙන්ම, 2017 ජනවාරි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 1.6% ක වැඩිවීමක් වාර්තා වී ඇති අතර, අඟුරු සහ ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන (44.2%), රසායනික ද්‍රව්‍ය සහ ඒ ආශ්රිත නිෂ්පාදන (23.2%) සහ කඩදාසි හා ඒ ආශ්රිත නිෂ්පාදන (5.0%) ඒවායේ 2016 වර්ෂයේ ජනවාරි මාසික නිෂ්පාදනයට සාපේක්ෂව අඩුවීමක් වාර්තා කර ඇති බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වයි.