2017 ඔක්තෝබර් විදේශ අංශයේ සැලකිය යුතු වර්ධනයක්
වෙළෙඳ හිඟයෙහි සැලකිය යුතු අඩුවීම සහ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම වෙත වූ අඛණ්ඩ ලැබීම් හේතුවෙන් 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
අපනයන ආදායම අඛණ්ඩව සිව්වැනි මාසයටද ඉලක්කම් දෙකක අගයකින් වර්ධනය වී ඉහළ මට්ටමක පැවතීම සහ ආනයන වියදම අඩු වීම, 2017 ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ හිඟය වාර්ෂික පදනම මත සැලකිය යුතු ලෙස අඩුවීම සඳහා හේතු වූ බවද මහ බැංකුව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, සංචාරක ඉපැයීම් මධ්‍යස්ථ ලෙස වර්ධනය වූ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අහිතකර ආර්ථික හා භූ දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ තවදුරටත් අඩුවූ බව මහ බැංකුව සඳහන් කරයි.
ඔක්තෝබර් මාසය තුළදී කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත වූ විදේශ ආයෝජන සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙත වූ විදේශ ආයෝජන ඉහළ යෑම මධ්‍යයේ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඛණ්ඩව පැවතුණු බවද මහ බැංකුව පවසයි. මෙම වර්ධනයන් පෙන්නුම් කරමින්, එම මාසය අවසාන වනවිට ගෙවුම් තුලනයෙහි සමස්ත ශේෂය එ.ජ.ඩොලර් බිලියන 2.0ක අතිරික්තයක් වාර්තා කළ බවද පෙන්වා දෙයි.
මේ අතර, එම ඔක්තෝබර් මාසය අවසානයේදී දළ නිල සංචිත මට්ටම එ.ජ.ඩොලර් බිලියන 7.5ක් දක්වා වර්ධනය වූ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළ වෙතින් විදේශ විනිමය මිලදී ගැනීම මේ සඳහා විශේෂයෙන් හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

