2017 අප්‍රේල් මාසයේ අපනයන ආදායම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී ඇ.ඩො.මිලියන 795ක් දක්වා 11.9% කින් කැපී පෙනන වර්ධනනයක් වාර්තා කරමින් අඛණ්ඩව දෙවැනි මාසයටත් ඉහළ ගොස් තිබේ.
2013 අප්‍රේල් මාසයෙන් පසු අඩුම අපනයන ආදායම වාර්තා කරමින් 2016 අප්‍රේල් මාසයේ අපනයන ආදායම සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතීම 2017 වසරේ අපනයන ආදායමෙහි ඉහළ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.