මෝටර් රථ ලොවේ පුරාවෘත්තයක් බඳු 2016 KIA සොරෙන්ටෝ SUV රථය මෙරටට හඳුන්වාදීම විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය අප්‍රේල් 01 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
නව රථයෙහි ඉතාමත් පහසුවෙන් හත් දෙනෙකු දක්වා ගමන් කළ හැකිය. රථයේ ඩිකි දොර ස්වයංක්‍රීයව විවෘත වන්නේ, එය ස්පර්ශ කිරීමකින්ද තොරවය. රථයේ අයිතිකරු රථය ළඟට පැමිණෙන විට එය ස්වයංක්‍රීයව විවෘත වේ. මෙහි සියලු රෝද ක්‍රියාකාරීව ධාවනය කිරීමේ පහසුකම (All-Wheel-Drive) නිසා රළු මාර්ගවලදී වුවත් ඉතාමත් සැහැල්ලුවෙන් ධාවනය කිරීමේ හැකියාව ලැබී තිබේ. සමාගම ලබාදෙන එන්ජින් විකල්ප තුළින් රථය මිලදී ගන්නාට වැඩි ජවයක් V6 එන්ජිම හෝ ඉන්ධන පිරිමැස්මක් ලබාදෙන 2,200cc එන්ජිම තෝරා ගත හැකිය.
නවතම සොරෙන්ටෝ රථය ඉතා සූක්ෂම බුද්ධිමත් තාක්ෂණයෙන් සවිබලගන්වා තිබීමත්, රථයේ ඩෑෂ් බෝඩ් එක සුපිරි නිමාවකින් සකස් කර තිබීමත් බෙහෙවින් කැපී පෙනේ. මීට අමතරව රථයේ ආසන නිමාව තිබෙන්නේ සුව පහසු බව වැඩිවන හා රථයේ අභ්‍යන්තරයට වඩාත් ආකර්ෂණීය ස්වභාවයක් එකතු කරමිනි.
නවතම 2016 සොරෙන්ටෝ රථය ආරක්ෂක ගුණාංගවලින් තවදුරටත් ඉදිරියට රැගෙන යමින්, එහි වානේ තහඩුවේ ශක්තිය 53% කින් පමණ වැඩිකර ඇත. මෙම රථය අඩි 15.68ක් දිගය. පළල අඩි 6.2කි. වාහලයේ ඇති රාක්කය සමග උස අඩි 5.5කි. වීල්බේස් අගය අඩි 9.1 කි.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ