2016 ලෝක අපනයන සංවර්ධන සමුළුව මෙම වසරේ ඔක්තෝබර් මස 12 සහ 13 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව සහ තානාපතිවරුන් දැනුම්වත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පසුගියදා විශේෂ හමුවක් පවත්වන ලදී. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිනී ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
2016 ලෝක අපනයන සංවර්ධන සමුළුව ඇමතීම සඳහා ලෝකයේ ප්රමුඛ පෙළේ සමාගම් හා සංවිධාන නියෝජනය කරමින් කැපීපෙනෙන ආරාධිත දේශකයන් පිරිසක් සහභාගී වීමට නියමිත අතර, ප්රමුඛ පෙළේ දේශීය ව්‍යාපාර නියෝජනය කරමින් රටේ ඉදිරිපෙළ ව්‍යාපාරිකයන් රැසක්ද මීට සහභාගී වීමට නියමිතය.
මෙවර ලෝක අපනයන සංවර්ධන සමුළුවේ තේමාව වී ඇත්තේ %Trade for Success: Connect, Compete, Change^ යන්නයි. මේ යටතේ වත්මන් වෙළෙඳ පොළ තුළ පවතින තරගකාරීත්වය, නව වෙළෙඳ පොළවල් සහ වාණිජ සාර්ථකත්වය වැනි කරුණු ගැන විශේෂ අවධානයක් යොමුවනු ඇති බව කියයි. එමෙන්ම මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ආයෝජන මණ්ඩලයද එකිනෙක යා කරන සුවිශේෂී වාණිජමය ඉසව්වක් ලෙස හැඳින්විය හැකි බවද ඔවුන්ගේ අදහසයි.