2016 නොවැම්බර් මාසයේදී විදේශීය අංශය මධ්‍යස්ථ ක්රියාකාරීත්වයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනයෙන් මෙම කරුණු අනාවරණය වෙයි.
එහිදී, 2016 නොවැම්බර් මාසයේදී අපනයන ආදායම සුළු වශයෙන් අඩුවීම සහ ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වී තිබේ. එමෙන්ම, අන්තර් භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ මත වූ වියදම ඉහළ යෑම මූලික කොටගෙන 2016 නොවැම්බර් මාසයේදී ආනයන වියදම කැපීපෙනෙන ලෙස වැඩි වී තිබේ. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුළු වශයෙන් අඩු වුවද, සංචාරක ඉපැයීම්වල හිතකර වර්ධනයක් පැවතී තිබුණි.
එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ලැබීම් සහ රජය විසින් ලබාගත් දිගුකාලීන ණය මගින් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වුවද, 2016 වසරේ නොවැම්බර් මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙතින් ශුද්ධ ගෙවීම් දැකිය හැකි වූ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.