2016 දෙවැනි කාර්තුවේ ශ්රී ලංකාවේ මුළු දළ දේශීය නිෂ්පාදිතය ස්ථාවර මිල ගණන් (2010) යටතේ රු.මිලියන 2,130,240ක් ලෙස වාර්තා වෙයි.
මෙය 2015 දෙවැනි කාර්තුව සඳහා වාර්තා වූ මුළු දළ දේශීය නිෂ්පාදිතයෙ වූ රු.මිලියන 2,075,805 ට සාපේක්ෂව 2.6% ක වර්ධනයකි.
එමෙන්ම, 2016 දෙවැනි කාර්තුව සඳහා කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ බදු මුළු දළ දේශීය නිෂ්පාදිතයට දක්වනලද දායකත්වයන් පවතින මිල ගණන් යටතේ පිළිවෙළින් 7.7% ක්, 26.6%ක්, 55.8% ක් සහ 9.8% ක් ලෙස ගණන් බලා ඇත.
මෙහිදී, දෙවැනි කාර්තුව සඳහා සේවා ක්රියාකාරකම් 4.9%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති අතර, කර්මාන්ත 2.2%ක වර්ධනයක් වාර්තා කර ඇත. නමුත්, කෘෂිකාර්මික ආර්ථික ක්රියාකාරක්ම 5.6%ක පසුබෑමකට ලක්ව තිබේ.