2016 තුන් වැනි කාර්තුවට අනුව ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත ශ්‍රම බලකාය මිලියන 8.4ක් පමණ වන බවත්, ඉන් 63.5ක ප්‍රතිශතයක් පිරිමි ජනගහනය වන අතර 36.5ක ප්‍රතිශතය ගැහුණු ජනගහනය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
වයස අවු. 15 හා ඊට වැඩි ජනගහනය ශ්‍රී ලංකාවේ වැඩ කරන වයසේ පසුවන ජනගහනය ලෙස සලකන අතර, වැඩකරන වයසේ ජනගහනය අතරින් සලකනු ලබන යොමු කාලය තුළ රැකියා නියුතු හෝ රැකියා විරහිත මුළු ජනගහනය ආර්ථික වශයෙන් ක්‍රියාශීලි ජනගහනය හෙවත් ශ්‍රම බලකාය වෙයි.