2016 වසරේ අයවැය ලේඛනය මගින් ප්රකාශයටපත්කරන ලද ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම ලක්ෂ දහය බැගින් මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන්කර ඇති බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
මෙහිදී, වසම් මට්ටමේ යෝජනා රජය විසින් දක්වා ඇති නිර්නාකයන්ට අනුකූලව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවට ඉදිරිපත් කළ යුතු බව දැනටමත් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරින් දැනුවත් කර ඇති බවද එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව,පවුලේ ආදායම ඉහළ නැංවීම,කඩිනම් ග්‍රාමීය රැකියා උත්පාදනය,භෞතික යටිතල පහසුකම් ඉහළ නැංවීම, ග්‍රාමීය මට්ටමේ සම්බන්ධතා ඉහළ නැංවීමයන ආවරණය විය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර හතරට අයත් ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කළ යුතු බව චක්‍රලේඛන මගින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දන්වා ඇත.
යහපාලන රජය යටතේ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල සමසභාපතීත්වය සඳහා එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පත්කර ඇත. මෙහිදී එක් වසමක් වෙනුවෙන් එක්ෂත් ජාතික පක්ෂයේ සම සභාපති විසින් ලක්ෂ පහක යෝජනාවන්ද අනෙක් ලක්ෂ පහ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමසභාපති විසින් යෝජනාවන්ද ඉදිරිපත්කරනු ඇති බවද කියයි. එමෙන්ම, කවර පක්ෂයේ වුවත් මෙම සමසභාපතීන් පත්කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් බවද අමාත්‍ය සරත් අමුණුගම මහතා දන්වා සිටියි.