ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඩ් හි දික්කුඹුර සේවා නියෝජිත එම්.ජේ. මෝටර්ස් හි මෝදිත ටරෝෂාන් පරණවිතාන රටවල් 10ක තරගකරුවන් 19 දෙනෙකු අභිභවා 2016 බජාජ්ලෝක කුසලතා තරගය ජය ගැනීමට සමත්වූ බව ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම පවසයි.
ලිඛිත සහ වාචික මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණයකින්ද සමන්විත වූ මෙම තරගය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ තරගකරුවන් දෙදෙනා දිවයින පුරා පැතිරී සිටින ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඩ් හි 550කට ආසන්න යතුරුපැදි සේවා නියෝජිත මහතුන් යටතේ සේවයේ නියුතු 2,000කට අධික තාක්ෂණ ශිල්පීන් අතරින් දැඩි පරීක්ෂාවකින් පසුව තෝරාගත්තවුන් බවද කියයි.
ඉන්දියාවේ පූනේ හි බජාජ් ඔටෝ සමාගමේ පැරණිම කර්මාන්ත ශාලාව වන අකුර්ඩි හි මෙම තරගය පවත්වා තිබූ අතර, එම කර්මාන්ත ශාලාව අද වනවිට සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ලෙස පවත්වා ගෙන යයි.