ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්රයේ විශිෂ්ටයන් අගයමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන 'SLIM වෙළෙඳ නාම විශිෂ්ටතා සම්මාන උලෙළ' (SLIM Brand Excellence) අතිශය තරගකාරී, වත්මන් ව්‍යාපාරික පරිසරයේ බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටින වැදගත් සංධිස්ථානයක් ලෙස 14 වැනි වරටත් සංවිධානය වෙයි.
SLIM මෙරට ව්‍යාපාරික ක්ෂේත්රයේ වෙළෙඳ නාම සංවර්ධනය, අලෙවිය, දැන්වීම්කරණය හා පර්යේෂණ ක්ෂේත්රයන් හි සක්‍රීයව මැදිහත් වෙමින් සෑම වසරක් පසාම Brand Excellence, NASCO, Effie’s සහ Peoples Awards යන සම්මාන උලෙළ පවත්වන්නේ ගෝලීය වෙළෙඳ පොළ තුළ තරගකාරීත්වයට මුහුණදීම සඳහා ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාව සූදානම් කරවීමේ අරමුණින් බව පෙන්වා දෙයි.
මෙවර SLIM වෙළෙඳ නාම විශිෂ්ටතා සම්මාන උලෙළේදී සම්මාන 13ක් පිරිනැමීමට නියමිතව තිබේ.
-
වසරේ හොඳම නිෂ්පාදන වෙළෙඳ නාමය
-
වසරේ හොඳම සේවා වෙළෙඳ නාමය
-
වසරේ හොඳම නව්‍යකරණ වෙළෙඳ නාමය
-
වසරේ හොඳම නැඟී එන වෙළෙඳ නාමය
-
වසරේ හොඳම දේශීය වෙළෙඳ නාමය
-
වසරේ හොඳම නවක වෙළෙද නාමය
-
වසරේ හොඳම අන්තර්ජාතික වෙළෙඳ නාමය
-
වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳ නාමය
-
සංස්ථාපිත සමාජ වගකීම් ඉටුකරනු ලැබූ වසරේ හොඳම වෙළෙඳ නාමය
-
වසරේ හොඳම අපනයනික වෙළෙඳ නාමය
-
වසරේ හොඳම ව්‍යාපාර අතර වෙළෙඳ නාමය
-
වසරේ හොඳම අන්තර්ජාල වෙළෙඳ නාමය
-
කලාපීය විශිෂ්ටතාව වෙනුවෙන් වූ සම්භාවනීය සම්මානය, ඒ අතර වෙයි.
මෙවර SLIM වෙළෙඳ නාම විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවය සඳහා ඇතුළුවීමේ අවස්ථාව 2015 ජූලි මස 27 වැනි දින අවසන් වන බවත්, 2015 නොවැම්බර් මස 05 වැනිදා කොළඹ 07, BMICH පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස මෙම සම්මාන ප්රදානෝත්සවය පැවැත්වෙනු ඇති බවත් සංවිධායකයෝ පවසති.