2015 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් ස්ථාවරව පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
වෙළෙඳ හිඟය 2015 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී අඩු වුවද, අපනයන වර්ධනයට වඩා ආනයනයන්හි සිදුවූ ඉහළ වර්ධනය හේතුවෙන් 2014 පෙබරවාරි මාසය සමග සැසඳීමේදී පුළුල් වී තිබේ. මේ අතර, ගෙවුම් තුලනයේ ජංගම ගිණුමේ ශේෂයෙහි වර්ධනයට දායක වන ප්‍රධාන මූලාශ්‍ර ලෙස සංචරක ඉපයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව පැවතී තිබේ.
රාජ්‍ය අංශයේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත සමාලෝචනය කිරීම සිදුවන බැවින් ආයෝජන කටයුතු මන්දගාමී වීඹ හේතුවෙන් මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් සිමා වූ බවද මහ බැංකුව පවසයි.