2014 වසරේ පළමු වැනි කාර්තුවේදී කොහුබත් අපනයනයේ 37%ක වර්ධනයක් දක්නට ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
2013 (ජනවාරි - මාර්තු) කාලය තුළ මෙට්‍රික් ටොන් 33,209ක කොහුබත් අපනයන ප්‍රමාණය, 2014 වසර තුළ එම කාලපරිච්ඡේදයේ මෙට්‍රික් ටොන් 45,331ක් දක්වා වර්ධනය වී ඇති බව කියයි.
උද්‍යාන වගාව සඳහා යොදා ගන්නා කොහු නිෂ්පාදන අපනයන ප්‍රමාණය 2013 මුල් මාස තුන තුළ මෙට්‍රික් ටොන් 11,594ක් වුවද, මෙම වසරේ අදාළ කාලය තුළ එය මෙට්‍රික් ටොන් 12,871දක්වා 11%ක වර්ධනයක් ලබා ඇති බවද පෙන්වා දෙයි.