ශ්‍රී ලංකා ආර්ථිකයේ සමස්ත නිෂ්පාදනය මනිනු ලබන දළ දේශීය නිෂ්පාදිතය ස්ථාවර (2002) මිල ගණන් යටතේ 2013 පළමු වැනි කාර්තුවේ සිට 2014 පළමු වැනි කාර්තුව දක්වා රු.මිලියන 796,720 සිට රු.මිලියන 857,497 ක් දක්වා ඉහළ යමින් 7.6% ක වර්ධනයක් ලබාගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා සේවා අංශ තුන පිළිවෙළින් 11.5% ක්, 32.7% ක් හා 55.8% ක් ලෙස සමස්ත කළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශත දායකත්වයක් ලබා දී තිබේ.
කෙසේ වෙතත් 2013 වර්ෂයට සාපේක්ෂව 2014 වර්ෂයේ පළමු කාර්තුව තුළදි කෘෂිකර්මාන්ත අංශය 0.2%ක්ද, කර්මාන්ත අංශය 12.6% ක්ද, සේවා අංශය 6.5%ක් ලෙසද දායකත්ව වර්ධනයන් පෙන්නුම් කර ඇත.