2013 මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීමේ උත්සවය අද (28දා) කොළඹ මිලෝදා ගොඩනැගිල්ලේදී පැවැත්විණි.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය මගින් වාර්ෂිකව නිකුත් කරනු ලබන එම වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියහ.