17 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රර්දශනය 2027 ජන. 29 සිට 31 දක්වා
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සංවිධානය කෙරෙන විශාලතම හා වඩාත්ම ස්ථාපිත බහු-ක්ෂේත්‍ර වෙළෙඳ ප්‍රර්දර්ශනය වන 17 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රර්දර්ශනය (JITF) 2027 ජනවාරි 29 සිට 31 වන දින දක්වා යාපනය මුට්රවේලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රර්දර්ශන හා වෙළෙඳ ප්‍රදර්ශන සංවිධායක ආයතනයක් වන, ජනාධිපති සම්මානලාභී Lanka Exhibition & Conference Services (LECS) ආයතනය විසින් යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (CCIY) සමඟ එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
වෙළෙඳාම, ආයෝජන, නවෝත්පාදන සහ ව්‍යාපාර සංවර්ධනය ප්‍රර්වර්ධනය කිරීම සඳහා ප්‍රධාන වේදිකාවක් ලෙස JITF ප්‍රර්දර්ශනය අඛණ්ඩව සිය දායකත්වය ලබා දෙන අතර මෙවර ප්‍රදර්ශනයේදී විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිෂ්පාදන, සේවා සහ නවීන තාක්ෂණයන් ප්‍රර්දර්ශනය කෙරෙන ප්‍රර්දර්ශන කුටි 400කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ.
පෙර ප්රර්දර්ශනවල සාර්ථකත්වය මත පදනම්ව සහ එකී සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, 2027 වසරේදී පැවැත්වෙන ප්රර්දර්ශනයේදී ප්‍රර්දර්ශන කුටි 400කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ. ඉදිකිරීම්, මෝටර් රථ, කෘෂිකර්මාන්තය, ආහාර හා පාන වර්ග, ඇඟලුම්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, මූල්‍ය සේවා සහ හෝටල් සැපයුම් ඇතුළු ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන හා සේවාවන් ප්‍රර්දර්ශනය කෙරෙනු ඇත.
පසුගිය ප්‍රර්දර්ශනය සඳහා 96,375කට අධික නරඹන්නන් පිරිසක් සහ ආරාධිත ව්‍යාපාරික නියෝජිතයන් 4,500කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. ඒ අතර සමාගම් ප්‍රධානීන්, ව්‍යවසායකයන්, ආයෝජකයන් සහ විවිධ කර්මාන්ත ක්ෂේත්රවල වෘත්තිකයෝ ද විය. ව්‍යාපාරික ආයතනවලට සිය වෙළෙඳපොළ ව්‍යාප්ත කර ගැනීමට, නව නිෂ්පාදන හඳුන්වා දීමට, ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට මෙන්ම අනාගත ගණුදෙණුකරුවන් සහ ආයෝජකයන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට මෙම ප්‍රදර්ශනය වටිනා අවස්ථාවක් සලසා දෙයි.
එමෙන්ම උතුරු ශ්‍රී ලංකාවේ ආර්ථික සංර්වධනයට සහාය වීම සඳහා ද JITF වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ප්‍රාදේශීය ව්‍යවසායකයන් සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ජාතික මට්ටමේ ව්‍යාපාරික ආයතන, ආයෝජකයන් සහ කර්මාන්ත ක්ෂේත්රවල පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ කිරීමට එය දායක වනු ඇත. ව්‍යාපාරික සබඳතා ගොඩනැඟීම, දැනුම හුවමාරු කර ගැනීම සහ කලාපයේ නව වාණිජ අවස්ථා ගවේෂණය කිරීම සඳහා ද මෙම ප්‍රදර්ශනය ඵලදායී වේදිකාවක් සපයයි.
පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් සිය කැපවීම යළිත් තහවුරු කරමින්, 2027 ප්රර්දර්ශනයේදී අඛණ්ඩව දෙවැනි වසරටත් ප්ලාස්ටික් උදාසීනතා වැඩසටහන (Plastic Neutral Initiative) ක්‍රියාත්මක කිරීමට ද සංවිධායකයන් සැලසුම් කර ඇත.
ඒ අනුව ප්‍රර්දර්ශනය භූමිය පුරා විශේෂිත ප්ලාස්ටික් එකතු කිරීමේ හා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කෙරේ. වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනා කරණය සඳහා සහභාගී වන ලෙස ප්රර්දර්ශකයන් සහ නරඹන්නන් දිරිමත් කිරීම මෙහි අරමුණයි. එකතු කරනු ලබන ප්ලාස්ටික්, වගකීම් සහගත ප්‍රතිචක්‍රීකරණ සහ නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා අනුමත ප්‍රතිචක්‍රීකරණ හවුල්කරුවන් වෙත යොමු කෙරේ.
පුළුල් කර්මාන්ත සහභාගීත්වය, ශක්තිමත් ව්‍යාපාරික සම්බන්ධතා සහ තිරසාරභාවය පිළිබඳ අඛණ්ඩ අවධානය සමඟින්, 17 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 2027 උතුරු ශ්‍රී ලංකාවේ වෙළෙඳාම, නවෝත්පාදනය සහ තිරසාර ආර්ථික වර්ධනය සඳහා ප්‍රමුඛතම වේදිකාවක් ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරයි.
මෙම ප්රර්දර්ශනයේ සාර්ථකත්වය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය සහ දායකත්වය ලබා දෙන සියලුම අනුග්රාහකයන්, හවුල්කරුවන් සහ සහාය දක්වන ආයතන වෙත සංවිධායක මණ්ඩලය සිය හෘදයාංගම ස්තුතිය පිරිනමති.
17 වැනි යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 2027 සාර්ථක කර ගැනීම සඳහා අමිල දායකත්වයක් ලබා දුන් පහත සඳහන් අනුග්‍රාහක ආයතන වෙත සංවිධායකයෝ සිය කෘතඥතාව පළ කරති:
ප්‍රධාන අනුග්‍රාහක - ඩීමෝ, දියමන්ති අනුග්රාහකයන් - ජෝන් කීල්ස් සීජී ඔටෝ, ටෝකියෝ සිමෙන්ට් කොම්පැනි ලංකා පී.එල්.සී., ප්ලැටිනම් අනුග්‍රාහක - එන් සී ජී හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ්,
රන් අනුග්රාහකයන් - ඩේවිඩ් පීරිස් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ්, එල් එච් කොන්සෝර්ටියම් ප්‍රයිවට් ලිමිටඩ්,සම්පත් බෑන්ක් පී එල් සී, ස්ටාර් ලොජිස්ටික්ස්, XDAO EV S ශ්‍රී ලංකා,
රිදී අනුග්රාහකයන් - ආර්ය ක්ෂාත්රිය හෝල්ඩින්ග්ස්, ද බොබින් ප්‍රයිවට් ලිමිටඩ්, ඩීන් බ්රර්දස් ඉම්පෝට්ස් ප්‍රයිවට් ලිමිටඩ්, ජේ ආර් අයි මෝර්ටස් ප්‍රයිවට් ලිමිටඩ්, අයි ෆොන්ටර්යර්ස් ප්‍රයිවට් ලිමිටඩ්, කෙලනි කැබ්ස් ප්‍රයිවට් ලිමිටඩ්, මැක්සිස් ඇන්ඩ් කොම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්,මැස්කොන් මෙෂ් ඉන්ඩස්ට්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ්, පෝනික්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ්, පුරිටාස් ප්‍රයිවට් ලිමිටඩ්, පිරල්ඩ් විල්මාර් ප්‍රයිවට් ලිමිටඩ්, රුහුණු ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්, රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ්, ටොයෝටා ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, තුෂාර ෆනෑන්ඩෝ මහතා, එල්ලාවල හෝර්ටි කල්ච ප්‍රයිවට් ලිමිටඩ්, යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්යුමන්ට් ප්‍රයිවට් ලිමිටඩ්,වොයිසන්ට් ප්‍රයිවට් ලිමිටඩ්.
අඛණ්ඩව වසර 17ක් පුරා යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රර්දර්ශනය (JITF) සංවිධානය කිරීම තුළින්, Lanka Exhibition and Conference Services (LECS) ආයතනය, යාපනය නැඟී එන ව්‍යාපාරික හා ආයෝජන ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.
ව්‍යවසායකයන්, ආයෝජකයන්, නිෂ්පාදකයන් සහ සේවා සපයන්නන්ට එකිනෙකා සමඟ සම්බන්ධ වීමට, නව ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීමට සහ සිය වෙළෙඳපොළ පුළුල් කර ගැනීමට මෙම ප්‍රර්දර්ශනය වටිනා වේදිකාවක් සපයයි.
වෙළෙඳාම සහ ආයෝජන ප්‍රර්වර්ධනය කිරීමෙන් ඔබ්බට යමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සඳහා සහාය ලබාදීම, තිරසාර ජීවනෝපාය අවස්ථා තුළින් යුද්ධයෙන් වැන්දඹුභාවයට පත් කාන්තාවන් සවිබල ගැන්වීම සහ පාසල් සංවර්ධන වැඩසටහන් සඳහා දායක වීම තුළින් උතුරු ශ්‍රී ලංකාවේ සමාජ - ආර්ථික සංර්වධනය උදෙසා LECS ආයතනය අඛණ්ඩව කැපවී සිටියි. JITF ප්‍රර්දර්ශනය හුදෙක් වෙළෙඳ ප්රර්දර්ශනයකට පමණක් සීමා නොවී, ආර්ථික වර්ධනයට මඟ පාදන, නව අවස්ථා නිර්මාණය කරන සහ උතුරු පළාතේ ප්රජාවන්ගේ දිගුකාලීන සංවර්ධනයට දායක වන ප්‍රබල වේදිකාවක් බවට පත් කිරීමේ LECS ආයතනයේ දැක්ම මෙකී සියලු ප්රයත්නයන් තුළින් පිළිබිඹු වේ.
වැඩිදුර තොරතුරු සඳහා jitf.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
