රනින් පිදුම් ලැබූ නව නිර්මාණකරුවන් දිවයිනට
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති 42 වැනි ජාත්‍යන්තර නව නිර්මාණකරුවන්ගේ තරගයේදී ශ්‍රී ලාංකීය නව නිර්මාණකරුවන් රන් පදක්කම් 2කින් සහ ලෝකඩ පදක්කම් 2කින් පිදුම් ලැබීය.
පසුගිය අප්‍රේල් 02 සිට 06 වැනිදා දක්වා පැවති 42 වන ජාත්‍යන්තර නව නිර්මාණකරුවන්ගේ තරගය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නව නිර්මාණකරුවන් 05 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ලෝකයේ විශාලතම නව නිර්මාණ තරගය ලෙස සැළකෙන මේ සඳහා මෙවර රටවල් 45ක නිර්මාණ 700ක් ඉදිරිපත් කර තිබුණු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, එකී සියලු නිර්මාණ අතුරින් ප්‍රධාන අංශ දෙකක රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගැනීමට ශ්‍රී ලාංකේය නව නිපැයුම්කරුවන් වන මංජු ගුණවර්ධන, හේලි සෙනෙවිරත්න, මනෝජ් ගල්ගමුව, වෛද්‍ය රිෂාඩ් මොහොමඩ් සහ අයිමාස් ෆිරෝෂ් සමත් විය.
මෙසේ තම නව නිර්මාණ හරහා ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඔසවා තැබූ පිරිස අද (9දා) දිවයිනට ළඟා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                