යුරෝපීය ආයෝජකයන්ට මෙරට ආයෝජනයට ඇරයුමක්
නෙදර්ලන්තයේ හේග් නුවර මූලස්ථානය පවතින තානාපතිවරුගේ සංවිධානයේ වාර්ෂික හමුව පසුගියදා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවරදී පැවති අතර, මෙම අවස්ථාව ඇමතු ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා ආසියාවේ නැගී එන කේන්ද්රස්ථානයකක් ලෙස ශ්‍රී ලංකාවේ ආයෝජන වෙළෙඳ ආදී අංශවල පවතින අවස්ථා පැහැදිලි කළේය. සංචාරක, උසස් අධ්‍යාපන හා පුහුණු කිරීම්, කෘෂි කර්මය හා ධීවර, සෞඛ්‍යය, තොරතුරු තාක්ෂණය, නිෂ්පාදන හා කෘෂි නිෂ්පාදන සැකසුම් සහ යටිතල පහසුකම් යන ප්‍රධාන ක්ෂේත්‍ර ගැන තානාපතිවරයා පැමිණ සිටි පිරිසේ අවධානය යොමු කළේය. මෙම ප්‍රධාන ක්ෂේත්රවල ආයෝජනය පිණිස ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා යුරෝපීය ආයෝජකයන්ට ඇරයුම් කළේය. මෙම හමුවට ආර්ජන්ටිනාව, ඝානාව, මහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ජපානය, මෝල්ටාව, නෙදර්ලන්තය, නයිජීරියාව, පාකිස්ථානය, රුසියාව, සෞදි අරාබිය යන රටවල තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජර්මනියේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ආරාධිතයෝ 450 දෙනෙක් පමණ සහභාගි වූහ. තානාපතිවරුගේ සංවිධානය පිහිටුවා ගැනීමේ මූලික අරමුණ අන්තර්ජාතික සබඳතා දිරිගැන්වීම බවත්, ව්‍යාපාරික ප්‍රජාවට මුණ ගැසීම පිණිස මෙම සංවිධානය විධිවිධාන යොදන බවත්, මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත 5,000 කගෙන් පමණ සමන්විත පිරිසක් සංවිධානයේ සිටින බවද පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

