මාලේ සංචාරකයෝ ශ්‍රී ලංකාවට ඇලෙති
මාලදිවයින් මහ බැංකුවේ මූල්‍ය අධිකාරිය පවසන පරිදි මාලදිවයින් වැසියන් පසුගිය වසරේ සිය විදේශ සංචාරයන් සඳහා ඇ.ඩො.මිලියන 191ක් වැයකර ඇති බවත්, එම වසරේදී එරට වැසියන් 65%ක් විදේශ සංචාරවල නිරතව ඇති අතර ඉන් බහුතරයක් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මැලේසියාව සිය ගමනාත්ත ලෙස භාවිත කර බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ඊබ්‍රාහීම් නසීම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කරන ලද සමීක්ෂණයකට අනුව එම විදේශ සංචාරවලට මූලික හේතූන් වී ඇත්තේ මාලදිවයින් වැසියන් හොඳ වෛද්‍ය පහසුකම් සොයා යෑම, නිවාඩු ගතකිරීමට හා උසස් අධ්‍යාපනය ලැබීමට යොමුවීම නිසාය.
ඒ අනුව, විදේශ චාරිකාවලදී වෛද්‍ය පහසුකම් සඳහා ඇ.ඩො.මිලියන 70ක්ද, නිවාඩු චාරිකා වෙනුවෙන් ඇ.ඩො.මිලියන 64ක්ද, අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇ.ඩො.මිලියන 47ක්ද මාලදිවයින් වැසියන් වැයකර ඇති බව කියැවෙයි. මෙහි විශේෂත්වය වන්නේ මාලේ වැසියන් ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීම නිසා මෙරටටද ඉන් වැඩි ආර්ථික වාසියක් ළඟා වීමය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

