මහනුවර ඇසළ පෙරහර සඳහා මහජන බැංකුවේ දායකත්වය
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් මහජන බැංකුව මෙවරත් බැති සිත් දායකත්වය පිරිනමා තිබේ.
ශ්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තෙවෙල මහතා අතින් මෙම ප්රදානය සිදුකෙරිණි.
මේ අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල, මහනුවර සහකාර ප්‍රාදේශීය කළමනාකාර එස්.බී.එස්.කේ. ප්‍රියදර්ශන සහ මහනුවර අධි ශ්‍රේණි ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රසන්න කරුණාරත්න යන මහත්වරුන්ද සහභාගි විය.
පෞරාණික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින්, දේශිය නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත්ව පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යයට නොකඩවා අනුග්‍රාහක දායකත්වය ලබාදීම පිළිබඳ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙහිදි මහජන බැංකුව වෙත තම ස්තුතිය පුදකර ඇත.
දේශීය සහ සංස්කෘතික වටිනාකම් අගයමින්, ඒවා රැකගැනීමට නිරන්තරයෙන්ම දායකත්වය ලබාදෙන මහජන බැංකුව, දශක ගණනාවක් පුරා ශ්‍රී දළදා පෙරහර සඳහා දායකත්වය පිරිනමන්නේ හුදු ලාභය මතම පදනම් නොවූ මූල්‍ය ආයතනයක් ලෙස සිය ජාතික වගකීම මනාව වටහා ගනිමින් බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

