මහජන බැංකු ’YES Infinity 2026’ සමග තරුණ පරපුරට ප්රතිලාභ රැසක්
ජාත්‍යන්තර තරුණ දිනය නිමිත්තෙන් මහජන බැංකුව, සිය, 'YES Infinity 2026' වැඩසටහන ඔස්සේ ශ්‍රී ලාංකේය තරුණ පරපුරට සුවිශේෂ ප්රතිලාභ රැසක් පිරිනැමීමට පියවර ගෙන තිබේ.
මෙරට තරුණ තරුණියන් පහසු හා අතිනවීන බැංකුකරණ විසඳුම්වලින් සවිබල ගැන්වීමේ අරමුණින්, ඔවුන්ගේ වෙනස්වන ජීවන රටා සහ අභිලාෂයන් සපුරාලීමට සහය වීම සඳහා 'YES Infinity 2026' වැඩසටහන නිර්මාණය කර තිබේ. මේ යටතේ දිවයින පුරා තෝරාගත් වෙළෙඳ සැල්වලින් 40% දක්වා වට්ටම්, වාහන ණය සඳහා සුවිශේෂ පොලී අනුපාතයන් ඇතුළු ප්රතිලාභ රැසක් පිරිනැමෙන අතර, මෙම දීමනා 2026 අගෝස්තු 12 සිට 2026 සැප්තැම්බර් 30 දක්වා වලංගු වේ.
මේ පිළිබඳව අදහස් දැක් වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) ඒ.යූ.ඒ. අන්සාර් මහතා, "මෙරට පොදු මහජනතාවට බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් මහජන බැංකුව 1961 වසරේදී පිහිට වූ අතර, ආරම්භයේ සිටම සෑම වයස් කාණ්ඩයකටම මෙන්ම විවිධ ක්ෂේත්රයන්හි නිරත ගනුදෙනුකරුවන්ට ගැලපෙන පරිදි සන්නම් ගත කරන ලද ගිණුම් හඳුන්වා දෙමින්, ඔවුන් වෙත බැංකු පහසුකම් සමීප කිරීමට කටයුතු කළා. 2003 වසරේ තරුණ දිනය තේමා කරගනිමින් මහජන බැංකුව YES ගිණුම ආරම්භ කළේ මෙරට තරුණ පරපුර වෙනුවෙන්මයි. වර්තමානය වන විට YES ඉතිරි කිරීමේ ගිණුමින්, තරුණ තරුණයින්ගේ නවීන හා වේගවත් ජීවන රටාවන්ට සරිලන ආකර්ෂණීය ඩිජිටල් බැංකුකරණ පහසුකම් සහ මූල්‍ය ප්රතිලාභ රැසක් පිරිනැමෙනවා. ඒ අනුව, 2026 ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් ද ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ සිහින හා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අත්වැලක් වීමට මහජන බැංකුව සූදානමින් සිටිනවා" යැයි පවසා සිටියේය.
මෙම ගිණුම යටතේ ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ඔබේ මුදල් කළමනාකරණය කිරීමේ හැකියාව ලැබෙන අතර, දිවයින පුරා විහිදුනු 330 කට අධික මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) සහ මුදල් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර (CRM) යන්ත්‍ර ඔස්සේ පැය 24 පුරාම මුදල් තැන්පතු කිරීමේ පහසුකම් සැලසෙනවා. එමෙන්ම ඔබේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සුවිශේෂ මූල්‍ය විසඳුම් ද සැලසුම් කර තිබේ.
මීට අමතරව, YES Infinity 2026 ඔස්සේ දිවයින පුරා විසිරී ඇති තෝරාගත් වෙළෙඳ සැල්වලින්, පවතින හා නව YES ඩෙබිට් කාඩ්පත්වලට 40% දක්වා වට්ටම් පිරිනැමෙන අතර, People's Auto Loan වාහන ණය පහසුකම් සඳහා විශේෂ 0.5% ක පොලී අඩු කිරීමක් හිමිවෙයි.
මෙම YES Infinity 2026 හරහා, මහජන බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ මූල්‍ය අභිලාෂයන් සාක්ෂාත් කිරීමට සහය වීමේ අරමුණින් සුවපහසුව, ඩිජිටල් බැංකුකරණය, ගැලපෙන මූල්‍ය විසඳුම් සහ දීමනා එකම වේදිකාවකට ගෙන ඒම විශේෂත්වයකි.
YES Infinity 2026 සහ ඉන් ලැබෙන ප්රතිලාභ පිළිබඳ වැඩි විස්තර www.peoplesbank.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
