මහජන බැංකුව තවත් විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලබයි
මහජන බැංකුව Best Management Practices Company Awards 2026 සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබිය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී, කළමනාකරණය, නවෝත්පාදනය සහ ආයතනික සමාජ වගකීම් යන ක්ෂේත්රවල විශිෂ්ටත්වය වෙනුවෙන් මහජන බැංකුව ඇගයීමට පාත්‍ර විය.
මහජන බැංකුව මෙවර සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ (රාජ්‍ය බැංකු) ජයග්‍රාහකයා වූ අතර, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් 40 අතරට එක්විය. මීට අමතරව, ඩිජිටල් සාක්ෂරතාවය, කාන්තා නායකත්වය සහ කාන්තා
කේන්ද්‍රීය මුලපිරීම් සහ ආයතනික සමාජ වගකීම යන ක්ෂේත්‍ර සඳහා කුසලතා සම්මානද හිමිකර ගන්නා ලදී.
මහජන බැංකුව නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි/වැඩබලන මූල්‍ය ප්‍රධානී නිල්මිණි ප්‍රේමලාල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ආයතනික බැංකු) සධානා පෙරේරා, ප්‍රධාන ඩිජිටල් නිලධාරි මංගල කාරියවසම් මහතා යන මහත්ම මහත්මින් ඇතුළු කණ්ඩායම සහභාගි වූහ.
මෙරට ප්‍රමුඛතම බලපත්‍රලාභි වාණිජ බැංකුවක් ලෙස මහජන බැංකුව සිය ගනුදෙනුකාර කේන්ද්‍රීය ප්‍රවේශය සහ ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ තුළින් එම ක්ෂේත්රයේ නව ප්රමිතීන් ස්ථාපනය කරමින් අඛණ්ඩව ඉදිරියට ගමන් කරමින් සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව රුපියල් ට්‍රිලියන 3.7කට අධික වත්කම්වලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 745ක ජාලය හා ස්වයං බැංකුකරණ ඒකක 300කට අධික ප්‍රමාණයක් සමඟ මිලියන 15.3කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවාව සපයයි.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා," මෙම සම්මාන අපගේ කළමනාකරණ ව්‍යුහයේ ශක්තිමත්භාවය, වෘත්තීයභාවය මෙන්ම වගවීම සම්බන්ධව ඉහළතම ප්රමිතීන් ආරක්ෂා කිරීම සඳහා අපගේ කණ්ඩායමේ ඇති සාමූහික කැපවීම පිළිබඳ ප්‍රබල සාක්ෂියක්. බැංකුවක් ලෙස ජාතියට අර්ථවත් වටිනාකමක් නිර්මාණය කරන අතරම, තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම වෙනුවෙන් මහජන බැංකුව අඛණ්ඩව කැපවී සිටිනවා" යැයි සඳහන් කළේය.
ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා අදහස් දක්වමින්, "ගනුදෙනුකාර කේන්ද්‍රීය නවෝත්පාදනය, ඩිජිටල් බලගැන්වීම සහ බැංකුකරණය කෙරෙහි යොමුවූ අපගේ නොසැලෙන කැපවීම මෙම සම්මාන මගින් යළිත් පිළිබිඹු වෙනවා. නිරතුරුව වෙනස් වන හා වර්ධනය වන මූල්‍ය පරිසරයක් තුළ අඛණ්ඩව පරිණාමය වෙමින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වැඩිදියුණු කරන සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයේ තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබා දීම කෙරෙහි අපි ප්‍රමුඛතාව ලබාදෙනවා" යැයි පැවසීය.
සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ සහ ව්‍යාපාරයන්ගේ ප්‍රමුඛතම මූල්‍ය සහකරු වීමේ මෙහෙවරෙහි අඛණ්ඩව නියැලි සිටින මහජන බැංකුව, දිගුකාලින ජාතික සංවර්ධනයට දායක වන, සියලු දෙනාට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, තිරසාර සහ තාක්ෂණයෙන් බලගැන්වුනු මූල්‍ය විසඳුම් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරයි. ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීම, යහපත් සේවා ස්ථාන සංස්කෘතියක් පෝෂණය කිරීම සහ ගනුදෙනුකරුවන්ට, කොටස්කරුවන්ට සහ ආර්ථිකයට තිරසාර වටිනාකමක් ලබාදීම කෙරෙහි යොමුවූ මහජන බැංකුවේ උපායමාර්ගික ඉලක්කයන් මෙම සම්මාන මගින් තවදුරටත් අවධාරණය වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
