මහජන බැංකුව අභිමානවත් 65 වැනි සංවත්සරය සමරයි
මහජන බැංකුව ස්ථාපිත කර ජුලි 01 වැනි දිනට 65 වසරක් සැපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් කොළඹ 02, People’s Tower හිදී පවත්වා තිබේ.
මෙහිදී රටට, ජනතාවට සහ ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම මහජන බැංකුව පිහිටුවීමේලා පුරෝගාමී වූ සියලූ නායකයින්ටත්, අතීත සහ වත්මන් කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ඣායනයක් ඇතුළුව ආගමික වැඩසටහන් පවත්වා ඇත.
එමෙන්ම මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු හා ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් විසින් මෙහිදි කාර්ය මණ්ඩලය අමතන ලදී. මීට අමතරව, මහජන බැංකුවේ 65 වැනි සංවත්සරයට සමගාමීව ‘Sri Lanka’s Export Renaissance: Diversification, Innovation, & Global Competitiveness’ යන තේමාව යටතේ ‘ආර්ථික විමසුම’ සඟරාවේ නවතම කලාපයද එළිදක්වා තිබුණි.
මේ අවස්ථාවන්ට මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන චන්දන ගුණියන්ගොඩ, ආචාර්ය ගිෂාන් ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව රු.ට්‍රිලියන 3.7කට අධික වත්කම්වලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 745ක ජාලය හා ස්වයං බැංකුකරණ ඒකක 300කට අධික ප්‍රමාණයක් සමඟින් මිලියන 15.2කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවාවන් සපයයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
