නෙස්ලේ, සුවහසක් ශ්‍රී ලාංකේය ජීවිත නැංවූ 120 වසරක විශිෂ්ටත්වය සමරයි
1906 වසරේදී ‘Good Food Good Life’ තේමාව කරගනිමින් වෙළෙඳ සමාගමක් ලෙස ඇරඹි නෙස්ලේ ලංකා සමාගම මේ වසරේ එහි 120 වැනි වසර සමරනු ලබයි.
දේශීයව අලෙවි කරන සිය නිෂ්පාදනයන්ගෙන් 90%ක් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කරන නෙස්ලේ ලංකා සමාගම වත්මන් සහ අනාගත ශ්‍රී ලාංකේය පරපුර පෝෂණය කරමින් සියලු දෙනාගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කරමින් සිටින්නේ ගුණාත්මක ආහාර පාන රැසක් ඔවුන් වෙත ලබා දෙමිනි. අද වන විට පාරිභෝගික අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ සතුට වෙනුවෙන් සිය මෙහෙයුම් සිදු කරන සමාගම ජනතාවට ජීවනෝපායන් සපයා දෙමින් පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරයි.
ළදරුවාගේ සිට මහලු විය දක්වා සෑම වයස් කාණ්ඩයකම පෝෂණ අවශ්‍යතා සපුරාලන රසවත් හා පෝෂ්‍යදායී ආහාර පාන ලබා දීම තුලින් පුද්ගලයින් හා පවුල්වලට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට නෙස්ලේ ලංකා සමාගම දශක ගණනාවක් තිස්සේ අවධානය යොමු කර ඇත. පාරිභෝගික විශ්වාසය හා ආදරය දිනාගත් සන්නාම රැසක් සමඟින් ආහාරවල සුරක්ෂිතතාව හා ගුණාත්මකබව කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමට ඔවුන් කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවැසි පෝෂක අන්තර්ගත නිෂ්පාදනයන් පාරිභෝගිකයින් වෙත ලබා දෙමිනි. NESTOMALT සහ MILO වැනි සුප්‍රසිද්ධ සන්නාමයන් හරහා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අනුග්‍රහය ලබාදීමෙන් ශ්‍රී ලාංකිකයින් තුළ සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමටද නෙස්ලේ ලංකා සමාගම කැපවී සිටියි.
විශිෂ්ට නිෂ්පාදනයන්ගෙන් පමණක් නොනැවතී රටපුරා විවිධ ප්‍රජාවන් වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීමටද නෙස්ලේ ලංකා සමාගම කැපවී සිටියි. එහිදී දේශීය පොල් සහ කිරි ගොවීන් සමඟ සමීපව කටයුතු කරමින් දිගු කාලීන සහජීවනය හරහා ගොවීන්ගේ කුසලතා වර්ධනය සහ වගකීම්සහගත ප්‍රසම්පාදනය හරහා ඔවුන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීමට සමාගම නිරන්තරයෙන් කටයුතු කරන්නේ දේශීය ආර්ථිකයටද සුවිසල් දායකත්වයක් ලබා දෙමිනි. මෙරට තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් ඉගෙනීම, කුසලතා සහ අවස්ථා ලබා දීම තුලින් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් සේවා යෝජකයෙකු බවට පත්වීමටද නෙස්ලේ ලංකා සමාගමට හැකි වී ඇත. නිරන්තරයෙන් ජනතාව කේන්ද්‍ර කොට ගනිමින් සිය මෙහෙයුම් සිදු කරන සමාගම විවිධත්වය, සාධාරණත්වය හා සමානාත්මතාවය අගයන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරයි. එපමණක් නොව BConnected වැනි සංවිධාන සමඟ එක්ව ආබාධිත පුද්ගලයින්ට රැකියා අවස්ථා ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට හා සියලු දෙනාට වැඩ කළ හැකි අවස්ථා නිර්මාණය කිරීමටද නෙස්ලේ ලංකා සමාගම සහයෝගය ලබා දෙයි.
එසේම පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවන වගකීම් සහගත සමාගමක් ලෙස සෑම විටම සිය මෙහෙයුම්වලදී ලබා දෙන දායකත්වයද අති මහත්ය. 2050 වන විට කාබන් විමෝචනය ශුන්‍ය මට්ටමට ගෙන ඒම වෙනුවෙන් තිරසාර මෙහෙයුම් දියත් කිරීමට සමාගම කටයුතු කරයි. සිය මෙහෙයුම්වලදී පරිසරයට ඇති වන බලපෑම අවම කිරීම සඳහා වැදගත් පියවර රැසක් ගෙන ඇති සමාගම, කාබන් විමෝචනය අවම කිරීම වෙනුවෙන් 2024 වසරේදී ජෛව ස්කන්ධ බොයිලේරුවක් ස්ථාපනය කිරීමටද, කුරුණෑගල පිහිටි අති නවීන කර්මාන්තශාලාව සඳහා 100%ක් පුනර්ජනනීය විදුලිය භාවිත කිරීමටද කටයුතු කර ඇත්තේ පාරිසරික සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සිය කැපවීම මනාව පිළිබිඹු කරමිනි.
චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කැපවී කටයුතු කරන නෙස්ලේ ලංකා සමාගම විසින් ඇසුරුම් අපද්‍රව්‍ය පරිසරයට හිතකර අයුරින් කළමනාකරණය කිරීම සඳහා 2019 වසරේදී එසෙප්ටික් පාන ඇසුරුම් වල භාවිතා වන ප්ලාස්ටික් බට වෙනුවට කඩදාසි වලින් නිෂ්පාදිත බට යොදා ගැනීමත්, මෙරට පළමු එසෙප්ටික් පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව ආරම්භ කිරීමට දායක වීමත් සිදුකරන ලදී. 2026 වසර අවසන් වන විට 100%ක් ප්ලාස්ටික් ශුද්ධ භාවිතය ශුන්‍ය කිරීමට සමාගම අරමුණු කරගෙන සිටියි.
මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ සභාපති හා කළමනාකාර අධ්යක්ෂ බර්නි ස්ටෙෆාන් මහතා, “ශ්‍රී ලංකාව තුළ නෙස්ලේ ලංකා සමාගමේ වසර 120ක මෙහෙයුම් සැමරීමට ලැබීම පිළිබඳව මා ඉතා සතුටට පත් වෙනවා. අපගේ මෙහෙයුම්හි දිගුකාලීන පැවැත්ම මෙන්ම පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය හා රට පුරා අප ගොඩනගා ඇති ශක්තිමත් සහජීවනය මෙම සංධිස්ථානය තුළින් මනාව පිළිබිඹු වෙනවා. වසර 100කට වැඩි කාලයක් පුරා ජනතාවගේ යහපත වෙනුවෙන් එක්ව කටයුතු කරන අප ශ්‍රී ලාංකේය ආර්ථිකයට සාධනීය දායකත්වයක් ලබාදීම, ජීවනෝපායන්ට සහාය වීම සහ ජනතාවට ධනාත්මක බලපෑමක් ඇති කිරීම, මෙන්ම පාරිභෝගිකයන් ප්‍රිය කරන රසවත් හා පෝෂ්‍යදායී නිෂ්පාදන නිරන්තරයෙන් සැපයීම වෙනුවෙන් කැපවී සිටිනවා. NESTOMALT, MILO, MAGGI වැනි සුප්‍රසිද්ධ සන්නාම තුලින් මෙරට පවුල් පෝෂණය කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න හා වඩා ක්‍රියාශීලී ජීවන රටාවන්ට සහාය වීම සඳහා අපි කටයුතු කරනවා. සෑම ශ්‍රී ලාංකේය ජීවිතයක්ම නගා සිටුවීම අරමුණු කර ගනිමින් කටයුතු කරන අප වගකීමෙන් හා සැලකිල්ලෙන් යුතුව අපගේ මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවී කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.
වසර 120ක විශිෂ්ඨ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පුද්ගලයින්ට, පවුල්වලට සහ පරිසරයට සුවිසල් ධනාත්මක බලපෑමක් ඇති කිරීම වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම කැපවී කටයුතු කරනු ඇත.
ඡායාරූපය : සහාය අධ්යක්ෂ පෝෂණ - ජීවා රූබසිංහ, සහාය අධ්යක්ෂ - නීති සහ රෙගුලාසි සබඳතා - කීර්ති පතිරාජ, සහාය අධ්යක්ෂ - නීති සහ රෙගුලාසි සබඳතා කීර්ති පතිරාජ, අධ්යක්ෂ - සැපයුම් දාම - කාංචන ප්‍රනාන්දු, අධ්යක්ෂ ආයතිනක සබඳතා සහ සන්නිවේදන - රුවන් වැලිකල, අධ්යක්ෂ - මූල්‍ය හා පාලන කුමුදු ඩයස්, සභාපති හා කළමනාකාර අධ්යක්ෂ - බර්නි ස්ටෙෆාන්, මානව සම්පත් අධ්යක්ෂ ඉනෝකා සිරිමාන්න, අධ්යක්ෂ - ආහාර පාන - මොහොමඩ් අලි, අධ්යක්ෂ - වෙළඳ - තරින්ද ජයසුන්දර, අධ්යක්ෂ - තාක්ෂණික සමන්ත ගනෙතිගේ, සහාය අධ්යක්ෂ - Nestlé Professional මධුරංග පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
