ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ වැඩසටහනට මහජන බැංකුව එයි
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමන් මඟෙහි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කාසි හා නෝට්ටු භාවිතය අවම වූ ආර්ථිකයක් කරා යොමුවීමේ අරමුණින්, ‘ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ වැඩසටහන’ පසුගියදා දියත් කරන ලදී.
ජංගම උපාංග හරහා පුද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනු වේගවත්ව, ආරක්ෂිතව සහ පහසුවෙන් සිදු කිරීමට හැකිවන පරිදි QR කේත මත පදනම් වූ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන් භාවිතය ප්‍රවර්ධනය කිරීම මඟින් භෞතික මුදල් භාවිතය අවම කිරීම මෙහි අරමුණයි.
මෙරට ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයා ලෙස මහජන බැංකුව, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වූ සිය කැපවීම තවත් ශක්තිමත් කරමින් සිය People’s Pay digital wallet app හරහා මෙම වැඩසටහන හා සම්බන්ධ වි ඇත. ඒ තුළින් LankaQR ගනුදෙනු බාධාවකින් තොරව සිදුකිරීමට හැකිවන අතර, දෛනික මූල්‍ය සේවාවන් රැසක් ද පිරිනැමේ.
එමෙන්ම, මේ වැඩසටහනේ යටතේ අමතර ගාස්තුවකින් තොරව ගනුදෙනුකරුවන්ට QR ගනුදෙනු සිදු කළ හැකි අතර, රු.5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අයකරන සේවා ගාස්තුව අය නොකෙරේ. මෙම වැඩපිළිවෙළ තවදුරටත් දිරිමත් කිරීම සඳහා LankaQR භාවිත කරන ගනුදෙනුකරුවන් සහ වෙළෙඳුන් අතරින් තෝරාගන්නා ජයග්‍රාහකයින් සඳහා වටිනා තිළිතිණ පිරිනැමේ.
සාම්ප්‍රදායික අන්තර්ජාල බැංකුකරණයෙන් ඔබ්බට ගොස් එකිනෙක හා සම්බන්ධ වූ, ජීවන රටාවට ගැලපෙන මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් සඳහා වැඩිදියුණු කර ඇති මහජන බැංකුවේ අඛණ්ඩ ඩිජිටල් පරිවර්තන උපායමාර්ගයන්ද මෙම මුලපිරිම් තුළිතින් මනාව පිළිබිඹු වෙයි. ආරක්ෂිත, කාර්යක්ෂම සහ පරිශීලක-හිතකාමී ඩිජිටල් වේදිකාවක් මහජන බැංකුව විසින් නිර්මාණය කර ඇති අතර, ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට බැංකු සේවාවන් සඳහා ප්‍රවේශ විය හැකි බව සහතික කර ඇත.
මහජන බැංකුව, නූතන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින්, ඒවා සපුරාගැනිම සහ එදිනෙදා මූල්‍ය ගනුදෙනු විධිමත් කිරීම සඳහා People’s Pay digital wallet app හඳුන්වා දි ඇත. මෙහි පහසුව සහ ආරක්ෂාව යන දෙකම සහතික කර ඇති අතර, ස්වයං-ලියාපදිංචි වීම, භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක ගනුදෙනුකාර සහාය සහ ගෙවීම් විස්තර සුරක්ෂිතව ගබඩා කිරිම යන පහසුකම් ලබා දෙයි.
මීට අමතරව, People’s Pay යෙදවුම මඟින් ගනුදෙනුකරුවන්ට බිල්පත් ගෙවීම් සහ QR ගනුදෙනු සුවිශේෂ පහසුවකින් සහ කාර්යක්ෂමතාවකින් සිදු කිරීමේ හැකියාව ලැබි ඇත. බහු විධ බැංකු ගිණුම් සම්බන්ධ කිරීමේ පහසුකම තුළින් නම්‍යශීලීභාවය සහ පහසුව තවදුරටත් වැඩි දියුණු කරනු ඇත.
ජාතික QR ගෙවිම් ප්‍රචලිත කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස People’s Pay යෙදවුම දැන් Peer-to-Peer (P2P) QR ගනුදෙනු සඳහා පහසුකම් සපයයි. මේ තුළින් පරිශීලකයින්ට ස්ථාවර සහ විචල්‍ය යන දෙආකාරයේම QR කේතයන් ජනනය කිරීමට ඉඩ සැලසෙන අතර, සංවේදී ගිණුම් තොරතුරු හෙළි කිරීමේ අවශ්‍යතාවයකින් තොරව කාර්යක්ෂමව ගනුදෙනු සිදුකළ හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

