කොමර්ෂල් බැංකුව, ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සමග බැබලෙයි
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ තම අසමසම නායකත්වය හා විශිෂ්ටත්වය යළි තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව 2026 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇති අතර, බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක තවත් ගෞරවනීය සම්මාන හයක්ද දිනාගෙන තිබේ. මෙය ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් එක වර ලබාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව වේ.
මෙරට හොඳම බැංකුව ලෙස නම් කිරීමත් සමඟ, කොමර්ෂල් බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම බැංකුව, තාක්ෂණය භාවිතයේ හොඳම බැංකුව, හොඳම ඉස්ලාමීය මූල්‍ය ආයතනය, හොඳම තිරසර බැංකුව, හොඳම පුද්ගලික අංශයේ බැංකුව සහ හොඳම පාරිභෝගික බැංකුව යන සම්මාන ද හිමිකරගෙන ඇත. මෙම සම්මාන සමූහය මූල්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රධාන අංශ රැසක් තුළ බැංකුවේ නායකත්වය පැහැදිලි කරයි.
“ෆයිනෑන්ස් ඒෂියා සම්මාන වැනි ගෝලීය වශයෙන් ගෞරවයට ලක්වන සම්මාන වැඩසටහන්වලින් ලැබෙන පිළිගැනීම, කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ ප්රමුඛ ආයතන අතර අපගේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින් මූල්‍ය ශක්තිය, නව්‍යකරණය, පාරිභෝගික සේවාව සහ තිරසරභාවය යන ක්ෂේත්රවල අපගේ කාර්යසාධනයද තහවුරු කිරීමක්” යැයි කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරීසනත් මනතුංග මහතා පැවසීය.
“මෙම ජයග්‍රහණය කොටස්කරුවන්ගේ විශ්වාසය තවදුරටත් ඉහළ නංවන අතර, බැංකු සේවාවන්හි විවිධ අංශ හරහා අඛණ්ඩව වටිනාකමක් ලබාදීමට බැංකුවට ඇති හැකියාව පිළිබඳ පාරිභෝගික විශ්වාසයද තවදුරටත් ශක්තිමත් කරනවා” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2026 ජූනි 24 වැනිදා හොංකොංහි පැවති සම්මාන උළෙලේදී, කොමර්ෂල් බැංකුව වෙනුවෙන් සහකාර සාමාන්‍යාධිකාරී - සේවා චින්තක ධර්මසේන මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - තොරතුරු තාක්ෂණ (මෙහෙයුම්) ක්‍රිෂාන් ගමගේ මහතා මෙම සම්මාන පිළිගනු ලැබුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
