කොමර්ෂල් බැංකුවට මෙරට ශක්තිමත්ම බැංකු සන්නාමය
කොමර්ෂල් බැංකුවෙහි නොසැලෙන ස්ථාවරත්වය සහ පාරිභෝගික විශ්වාසය නැවතත් තහවුරු කරමින් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් මෑතකදී නිකුත් කරන ලද ‘2026 වසරේ වටිනාම සන්නාම 100’ (100 Most Valuable Brands 2026) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙස සිය ප්‍රමුඛස්ථානය තහවුරු කර ඇත.
ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම් ඇගයීම් උපදේශන ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ දෙවැනි වටිනාම සන්නාමය ලෙස ද ශ්‍රේණිගත වී තිබේ. එහි සන්නාම වටිනාකම රුපියල් බිලියන 54.9ක් වන අතර පසුගිය වසරේ තක්සේරු කරන ලද රුපියල් බිලියන 46.6ක සන්නාම වටිනාකමට සාපේක්ෂව එය 17.8%ක සැලකිය යුතු වර්ධනයකි.
සන්නාම ශක්තිය අතින් 100න් 87ක සන්නාම ශක්ති දර්ශක (BSI) ලකුණක් ලබා ගනිමින් කොමර්ෂල් බැංකුව බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් පිරිනමනු ලබන කීර්තිමත් AAA ශ්‍රේණිගත කිරීමද යළිත් හිමිකරගෙන තිබේ. සන්නාම වටිනාකම සහ සන්නාම ශක්තිය යන ශ්‍රේණිගත කිරීම් දෙකෙහිම බැංකුව පසුගිය වසරේ හිමි කරගෙන තිබූ ස්ථානය මෙවරද වෙනසකින් තොරව රඳවා ගනිමින් බැංකුවේ සන්නාම කාර්යසාධනයේ ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් තහවුරු කර ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවෙහි කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, “කීර්තිමත් AAA ශ්‍රේණිගත කිරීමක් සමඟ සන්නාම ශක්තිය අතින් අංක 1 බැංකු සන්නාමය ලෙස නැවතත් ඉදිරියෙන් සිටීම සහ සන්නාම වටිනාකම සැලකිය යුතු ලෙස ඉහළ යාම කොමර්ෂල් බැංකුවෙහි ශක්තිය, ස්ථාවරත්වය සහ පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කරනවා. මෙම ශ්‍රේණිගත කිරීම් මගින් පාර්ශවකරුවන් බැංකුව කෙරෙහි තබා ඇති දිගුකාලීන විශ්වාසය සහ සන්නාමය ගොඩනැගීම සඳහා බැංකුව අනුගමනය කරන දිගුකාලීන වැඩපිළිවෙළේ සාර්ථකත්වය ද ඉස්මතු කරනවා” යැයි පවසා සිටියේය.
කොමර්ෂල් බැංකුවෙහි හි සන්නාම ශක්තිය ප්‍රචාරණයට පමණක් සීමා නොවේ. ප්රමුඛ පෙළේ ආයතනික ගනුදෙනුකරුවන්ගේ සිට විවිධ ජන කොටස් සමඟ බැංකුව ගොඩනගා ඇති ශක්තිමත් හා දිගුකාලීන සබඳතා සහ විශ්වාසය එහි ප්‍රධාන ශක්තියයි. මෙම විශ්වාසය බැංකුවේ සම්බන්ධතා නිලධාරීන්, දිවයින පුරා ශාඛා කාර්ය මණ්ඩලය සහ කෘෂිකර්ම හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකක වල (AMFU) කාර්ය මණ්ඩලය විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

