උතුරු මැද සංවර්ධනයට බි්රතාන්යයෙන් අතහිත
උතුරු මැද පළාතේ වාරිමාර්ග, සෞඛ්‍යය සහ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහාය ලබාදෙන බව බි්රතාන්ය මහ කොමාසාරිස් ජෝන් රැන්කින් මහතා උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සමග පැවති සාකච්ඡාවේදී පවසා තිබේ.
උතුරු මැද පළාතේ වාරිමාර්ග පද්ධතිය සකස් කිරීම, වකුගඩු රෝගී ප්‍රදේශ උදෙසා පානීය ජල පහසුකම් සැපයීම හා ඉංග්‍රීසි භාෂාව පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහය දක්වන බව රැන්කින් මහතා එම සාකච්ඡාවේ දී අවධාරණය කර තිබේ.
විශේෂයෙන්ම උතුරු මැද පළාතේ පෙර පාසල් අධ්‍යාපනය නගාසිටුවීම සඳහාද ඉංග්‍රීසි, විද්‍යා, ගණිතය විෂයන් පිළිබඳ උතුරු මැද පළාතේ පාසල් දරුවන්ට උසස් දැනුමක් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදි ප්‍රධාන අමාත්‍යවරයා මහ කොමාසාරිස්වරයා දැනුම්වත් කර ඇති බවද කියැවෙයි.
මෙම සාකච්ඡාවට උතුරු මැද ප්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී හේරත්, ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ආනන්ද කුලරත්න මහත්වරු ප්රමුඛ උසස් නිලධාරීහු පිරිසක් සහභාගි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

