’’බ්ලූමැන්ඩල් සංජීව’’ ගේ බිරිඳ’ පුතා හා තවත් පුද්ගලයකු මත්කුඩු සමග අත්අඩංගුවට
පාතාල කල්ලි සාමාජික "බ්ලූමැන්ඩල් සංජීවගේ " බිරිඳ ,පුතා ,හා තවත් පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 6 පමණ වටිනා හොරෙයින් මත් කුඩු හා මුදල් සමඟ මෝදර දී (21) අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි .
එම සැකකරු හා සැකකාරියන් සමග මත්කුඩු ග්රෑම් 30,රුපියල් එක්ලක්ෂ 29000 මුදලක් හා ජංගම දුරකථන 5,බැංකු පොත් ,ගුවන් ගමන් බලපත්ර , පොලිස් බාරයට ගෙන ඇත .
ගීතාංජලී නොහොත් "ගීතා" නැමැති "බ්ලූමැන්ඩල් සංජීව "ගේ බිරිඳ තොග වශයෙන් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට කොටුව පොලිසියේ ස්ථානාධිපති සාගර ලියනගේ මහතා වෙත ලද තොරතුරක් ඒ අනුව එම සැකකරුවන් පදිංචි මෝදර නිවස වටලා සිදුකළ පරික්ෂාවේදී මත්කුඩු මුදල් බැංකු පොත් සහ ජංගම දුරකථන පොලිසිය භාරයට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අත්අඩංගුවට ගත් ගීතා නමැති සැකකාරිය ඩුබායි රටේ සිටින කාන්තාවක් හා " බොටින් "නැමැති ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ සම්බන්ධ වී ඇය වෙත මත්කුඩු තොග වශයෙන් ගෙන්වාගෙන විවිධ පුද්ගලයන් වෙත බෙදහැරී මේ ජාවාරම සිදුකර ඇති බව ප්රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකාරිය සන්තකේ මත්කුඩු ග්රෑම් 26 සැකකරුවන් දෙදෙනා සන්තකේ මතුගම තුනකට අධික ප්රමාණයක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

