‘සුපිරි වී යාය 10’ ජාතික වැඩසටහනේ සමාරම්භය හෙට
මෙරට වී වගාවේ ඵලදායිතාව ඉහළ නංවා හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 10ක් දක්වා අස්වැන්නක් ලබාගත හැකි බව ප්‍රායෝගිකව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘සුපිරි වී යාය 10’ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (26) උදේ 8.30ට පොලොන්නරුවේදී පැවැත්වේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ මඟපෙන්වීම හා සංකල්පයක් පරිදි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම විද්‍යා පීඨ සහ කෘෂි කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික ආයතන ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 0.4ක්ව පැවැති සාමාන්‍ය අස්වැන්න, යාය සංකල්පය සහ නව තාක්ෂණය ඒකාබද්ධ කිරීම හරහා මේ වන විට මෙට්‍රික් ටොන් 4.5ක් පමණ දක්වා ඉහළ නංවා ඇත. දිවයින පුරා යායවල් 500ක් ආවරණය කරමින් ආරම්භ කළ යාය 500 වැඩසටහන මඟින් අස්වැන්නේ සැලකිය යුතු වර්ධනයක් ඇති බව දත්ත මඟින් තහවුරු විය.
ඊට තවත් කුඹුරු යාය 500ක් එක් කරමින් සමස්ත යාය සංඛ්‍යාව 1,000ක් දක්වා ව්‍යාප්ත කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත. දැනටමත් ඇතැම් යායවල හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 7.5, 9, 10 සහ 11.2 දක්වා ඉහළ අස්වැන්නක් ලැබී ඇත. ඒ අනුව තෝරාගත් යායවල් 11ක් මුල් කරගෙන මෙම ඒකාබද්ධ ප්‍රවේශය ක්‍රියාත්මක වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
