ෆේස්බුක් හරහා වැරදි තොරතුරු ව්යාප්තඩ වීම වැළැක්වීම සඳහා එවැනි තොරතුරු ෆෙස්බුක් සමාජ ජාලයෙන් ඉවත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට එම සමාගම කටයුතු ආරම්භ කර තිබේ.
මෙවැනි වැරදි තොරතුරු හුවමාරු වීමෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගැටුම්කාරී තත්ත්වයන් ඇති වූ අතර, ඒ හරහා සිදුවන කායික හිංසා වැළැක්වීමට ෆේස්බුක් සමාගම මෙම තීරණය ගෙන තිබේ.
“ අපි හඳුනාගෙන තිබෙනවා ඇතැම් රටවල වැරදි තොරතුරු හුවමාරු වී තිබෙනවා. ඒ හරහා යම් ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවී තිබෙනවා. මේ තොරතුරු අඩු කිරීමට පමණක් නොව ඒවා ඉවත් කිරීමටත් අපිට වගකීමක් තිබෙනවා” යැයි මේ පිළිබඳව ෆේස්බුක් නිෂ්පාදන කළමනාකාරිනී තෙසා ලියෙන්ස් පැවසුවාය.
ෆේස්බුක් සමාගම මෙය තමන්ගේ ඉන්ටග්රෑම් සමාජ ජාලය තුළද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද වට්ස්ඇප්හි එය ක්‍රියාත්මක කිරීමට තීරණයක් ගෙන නොමැත.
ශ්‍රී ලංකාවේ මහනුවර ඇති වූ ගැටුම්වලදී එය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනමක් පැන වූ අතර පසුව ෆෙස්බුක් සමාගම හා පැවැති සාකච්ඡාවකින් පසුව එම තහනම ඉවත් කෙරිණි. ඒ සමාජ ජාල හරහා වෛරී ප්‍රකාශ පැතිරවීම වැළැක්වීමට පියවර ගන්නා බවට ඔවුන් පොරොන්දු වීමත් සමගිනි.
