ෆෙරෝසා මුසම්මිල් මහත්මිය විසින් මෙහෙය වූ කාන්තා සවිය නම් වූ කොළඔ පාදක කරගත් එක්සත් ජාතික පක්ෂ කාන්තා කණ්ඩායම ඔවුන්ගේ සම්පූර්ණ සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දීමට තීරණය කර තිබේ.
කොළඹ හිටපු එක්සත් ජාතික පක්ෂ නගරාධිපතිවරයෙක් මෙන්ම වත්මන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ බිරිඳ වන්නේ ෆෙරෝසා මුසම්මිල් මහත්මියයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල්, ජනාධිපති නිතීඥ අලි සාබ්රි සහ විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, ෆයිසර් මුස්තාෆා සහ පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.