ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත සම්මත ශීතකරණ උෂ්ණත්වයන් තුළ ගබඩා කර තැබීමට ඉඩ සලසන බවත්, එවැනි වෙනසක් එන්නත් බෙදාහැරීම සරල කිරීමට උපකාරී වනු ඇති බවත් ෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලා පවසයි.
ඔහු සඳහන් කළේ මේ වෙනුවෙන් වූ නව දත්ත මේ වනවිටත් එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය වෙත ඉදිරිපත් කර ඇති අතර, අවම වශයෙන් සති හතරක් දක්වා සම්මත ශීතකරණ තුළ එය ගබඩා කර තැබීමට කඩිනම් හදිසි භාවිත අවසරයක් ඔවුන් ඉල්ලා සිටින බවයි.
මේ වනවිට ෆයිසර් එන්නත සෙල්සියස් අංශක -80 ත් -60 ත් අතර ඉහළ ශීත උෂ්ණත්වයක් යටතේ හෝ ශීත ගබඩා තුළ සෙල්සියස් අංශක -25ත් -15ත් අතර උෂ්ණත්වයක උපරිම වශයෙන් සති දෙකක කාලයක් ගබඩා කිරීමට අවසරදී ඇති අතර, මේ හේතුව නිසා එන්නත බෙදාහැරීම වඩාත් සංකීර්ණ කාර්යයක් බවට පත්ව තිබේ.
ප්‍රධාන විධායක බෝර්ලාට අනුව, නව දත්ත මගින් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර සාමාන්‍ය උෂ්ණත්වයක සති හතරක් දක්වා ගබඩා කර තැබිය හැකිය.
එහිදී සම්මත හා අධි ශීතකරණවල එන්නත ගබඩාකර තබා ගැනීමේ කාලය තවදුරටත් වැඩිකර ගැනීම සඳහා වූ අතිරේක සංයෝග සඳහා ෆයිසර් සමාගම දැනටමත් කටයුතු කරමින් සිටින බවද බෝර්ලා වැඩිදුරටත් පැවසීය.