ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 එන්නත ලැයිස්තුගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදුන් කොවිඩ්-19 වැළැක්වීමේ පළමු වැනි එන්නත බවට පත්ව තිබේ.
එය තීරණාත්මක පියවරක් ලෙස හඳුන්වන එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය, සංවර්ධනය වෙමින් පවතින රටවල මෙම එන්නත වඩාත් පහසුවෙන් ලබාගත හැකිවනු ඇති බව අවධාරණය කරයි.
මේ ආකාරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය හිමිවීම තුළ එම එන්නත ආනයනය කිරීම හා පරිපාලනය කිරීම සඳහා තමන්ගේම නියාමන අනුමත කිරීමේ ක්‍රියාවලීන් කඩිනම් කිරීමට රටවලට දොරටු විවර කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
යුනිසෙෆ් සහ පෑන්-ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධානය වැනි කණ්ඩායම්වලටද මේ සමග අවශ්‍ය රටවලට බෙදාහැරීම සඳහා එන්නත ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
"කොවිඩ්-19 එන්නත් සඳහා ගෝලීය ප්‍රවේශය සහතික කිරීම සඳහා මෙය ඉතා ධනාත්මක පියවරක් වෙනවා." යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන පිළිබඳ සහකාර අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය මාරියන්ගෙලා සිමාවෝ පැවසීය."
"නමුත් සෑම තැනකම ප්‍රමුඛතා ජනගහනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තරම් එන්නත් සැපයුමක් ලබා ගැනීම සඳහා ඊටත් වඩා විශාල ගෝලීය උත්සාහයක අවශ්‍යතාව අවධාරණය කිරීමට මට අවශ්‍යයි." සිමාවෝ වැඩිදුරටත් පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එහි ආරක්ෂිත අවශ්‍යතා සපුරාලන අතර එහි ප්රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බවය. ඉතා අඩු උෂ්ණත්වයක තබා ගත යුතු මෙම එන්නත දැනටමත් එක්සත් ජනපදය, කැනඩාව, කටාර්, බහරේන් සහ මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක බෙදාහැරීම් සහ එන්නත් ලබාදීම් සිදුකර ඇත.