එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ (FDA) එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුව ෆයිසර් කොවිඩ්-19 එන්නත සඳහා හදිසි භාවිත අවසරය ලබාදෙමින් ඊයේ (10දා) ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව FDA හි සාමාජිකයන් 17 දෙනෙකු මෙම අවසරය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කරමින් ඡන්දය ලබාදී ඇති අතර, හතර දෙනෙකු අකැමැත්ත ප්‍රකාශ කරමින්ද, එක් අයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.
කෙසේ වෙතත් වැඩි ඡන්දයෙන් අදාළ එන්නතට මෙසේ එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අවසරය හිමිව තිබුණත්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක කමිටුවේ කැමැත්ත හා නිර්දේශයත් එලැඹෙන ඉරිදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ෆයිසර් එන්නතට හිමිවීම අත්‍යවශ්‍ය වෙයි.
ඇමෙරිකානු ජනතාව වෙත මෙම එන්නත ලබාදීම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන අවසාන අනුමැතිය එයයි.
ෆයිසර් එන්නතට මුලින්ම අනුමැතිය ලබාදුන් රාජ්‍ය එක්සත් රාජධානය වන අතර මේ වනවිට රටවල් කිහිපයක් ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ.