මීට මාස තුනකට පෙර ෆින්ලන්තය යුරෝපයේ අවම සාමාන්‍ය කොවිඩ්-19 ආසාදන හා ඒක පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා කළත්, මහාද්වීපයේ වඩාත්ම ලිහිල් සීමාවන් පවත්වාගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ෆින්ලන්තයේ දේශීය ආසාදන පැතිරීම වේගවත් වී තිබේ.
මේ තත්ත්වය ඊයේ (01දා) ෆින්ලන්ත රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ නව වෛරසය ප්‍රභේද පැතිරීම හේතුවෙන් ආසාදනයන් වේගවත් වී ඇති බැවිනි. ඒ අනුව මාර්තු 8දා රට සති තුනක කාලයක් අගුලු දැමිය හැකි බවද අගමැති මැරින් පවසයි.
එමෙන්ම නෝර්වේ දේශ සීමාව හරහා ඔස්ලෝ නගරය වෙත කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේද පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස අගනුවර ආසාදන වැඩිවීම හේතුවෙන් සීමා දැඩි කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
නව වෛරස් ප්‍රභේද පෙර පැවති ප්රභේදයන්ට වඩා වේගයෙන් ව්‍යාප්ත වී ඇති බව ඔස්ලෝ නගර සභාව පවසයි. මෙයින් අදහස් කරන්නේ ජාතික සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන්ට අනුකූලව ආසාදන පාලනය කිරීමේ පියවරයන් දැන් දැඩි කළ යුතු බව යැයිද ඔවුන් පෙන්වා දෙයි.
අඟහරුවාදා සිට මාර්තු 15 දක්වා ඔස්ලෝ හි නව ක්‍රියාමාර්ගවලට ඇතුළත් වන අතර, ඒ අනුව පිටතට රැගෙන යාමේ සේවාවන් හැර අනෙකුත් සියලුම අවන්හල් වසා දැමීම සහ ෆාමසි සහ සිල්ලර අලෙවිසැල් හැර සියලුම වෙළෙඳ සැල් වසා දැමීමද ඇතුළත්ය.
සඳුදා සිට ඉහළ ද්විතීයික පාසල්වලට ඇතුළත් වන ඔස්ලෝ සිසුන් නිවසේ රැඳී සිටින අතර බදාදා සියලු පාසල් සාම්ප්‍රදායික හා මර්ගගත ඉගෙනුම් සිදුකරනු ඇත.