නරක අතට හැරෙමින් තිබූ කොවිඩ්-19 තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් ෆින්ලන්තය මාර්තු මස මුලදී සති තුනක කාලයක් රටේ බොහෝ ප්‍රදේශවල පොදු භෝජනාගාර වසා දැමූ අතර, පසුව තහනම තවත් සති තුනකට දීර්ඝ කළේය.
කෙසේ වෙතත් මේ වනවිට එම අවන්හල් නැවත විවෘත කිරීම යම් සීමාවන්ට යටත්ව සිදුකිරීමට ෆින්ලන්තය බලාපොරොත්තු වන අතර, විවෘත වේලාවන්, අවන්හලේ ගනුදෙනුකරුවන්ගේ චලනය සහ ආසන ගණන ඇතුළු කාරණා ඊට අයත් වේ. දේශීය වසංගත තත්ත්වය අනුව පළාතෙන් පළාත්වලට සීමාවන් වෙනස් වේ.
බොහෝ විශේෂ අවන්හල් වසා දැමීමට ගත් තීරණය ෆින්ලන්තයේ ආසාදනවල වේගය වෙනස් කිරීමට ප්‍රධාන සාධකයක් වූ බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. නමුත් ෆින්ලන්ත ආගන්තුක සත්කාරක සංගමය කනස්සල්ලට පත්වූයේ අවන්හල් විවෘතව තබන වේලාව හා ධාරිතාව කපා හැරීම කර්මාන්තයට තවදුරටත් බලපානු ඇති බවයි.
එමෙන්ම ෆින්ලන්ත සෞඛ්‍ය හා සුභසාධන ආයතනයට අනුව, සිකුරාදා වනවිට රටේ ජනගහනයෙන් 23%කට පමණ පළමු කොවිඩ්-19 මර්දන එන්නත ලබාදී ඇති අතර, 2%ක් එන්නත සම්පූර්ණ කර ඇත.