ළමා හෘද සැත්කම් පැය 24ම කිරීම වෛද්‍යවරුන් නිසා ප්‍රමාද වුණා
අක්ෂි කාච සැත්කම් පැය 24 පුරා සිදු කිරීමට යෝජනා කළද, වෛද්‍යවරුන් ඊට තම කැමැත්ත ප්‍රකාශ කර නැතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
ලෝක බැංකුවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ජනගත කිරිම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා පැවැති අතර, එයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
“හෘද සැත්කම් පැය 24 පුරා කොළඹ ජාතික රෝහලේදී සිදුකරනවා. දිවයින පුරා ඇසේ සුද ඉවත් කිරීම සහ අක්ෂිකාච බද්ධ සැත්කම් සඳහා ලක්ෂ 12ක් පමණ සිටිනවා. හෘද සැත්කම් මෙන්ම අක්ෂිකාච සැත්කම්ද පැය 24 පුරා සිදුකිරීමට යෝජනා කළත් වෛද්‍යවරුන් තම කැමැත්ත ප්‍රකාශ කර නැහැ.
ළමා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් පැය 24 පුරා සිදුකිරීමට යෝජනා කළත් වෛද්‍යවරුන්ගේ ගෙවීමේ දීමනා ප්‍රශ්නයක් එම වැඩපිළිවෙළ ප්‍රමාද කළා. ලෝක බැංකුවද ලෝක සෞඛ්‍ය සංවිධානයද පිළිගෙන තිබෙනවා දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාවේ තිබෙන බව."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
