බුලත්සිංහල, හොරණ පාරේදී ATM යන්ත්‍රවලට මුදල් රැගෙන යමින් තිබියදී මංකොල්ලකරුවන් විසින් මංකොල්ල කා ගන්නා ලද සම්පූර්ණ මුදල රුපියල් දෙකෝටි විසිහතර ලක්ෂ පනස් හය දහසක් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මුදල් රැගෙන ගිය වෑන්රථයේ රියදුරු හා ආරක්ෂක නිලධාරියා අද (29දා) සවස මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක් රඳවා තබාගැනීමේ නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
වැන් රථයකින් ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීමට රැගෙන ගිය මුදල් ඊයේ (28දා) සවස 5.30ට පමණ පහළ නාරගල ප්‍ර‘දේශයේදී මංකොල්ල කෑමට ලක් විය.
