වැල්ලවත්තේදී හෙරොයින් ජාවාරම්කරන පුද්ගලයන් කණ්ඩායමකට පොලීසිය කළ වෙඩි තැබීමකින් එහි ප්රධාන සැකකරු වෙඩි වැදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් පසුවෙන බව පොලීසිය පවසයි.
වැල්ලවත්තේදී හෙරොයින් ජාවාරම් කරන බවට හා ගණිකාවන් ලබා දෙන බවට වැල්ලවත්ත පොලීසියට ලැබුණ තොරතුරක් අනුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් ගොස් ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
සැකකරුවන් මෝටර් රථයකින් පළා යෑමට උත්සාහ කරන විට මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.