හෙරොයින් ග්රෑම් 3ක් ජාවාරම් කළාට දිවි ඇතිතෙක් සිරගෙට
මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට ගෙන යන අතරතුර හෙරොයින් ග්රෑම් තුනක් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (31දා)ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
වෙනත් අපරාධයක් සඳහා මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත්කොට වැලිකඩ බන්ධනාගාරයට ගෙන යෑමට බන්ධනාගාර බස් රථය වෙත ගෙන යන අවස්ථාවේදී විත්තිකරු හෙරොයින් සහිත පාර්සලය ගෙන යෑමට උත්සාහ කළ බවට පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කරමින් විත්තිකරුට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් විනිසුරුවරයා නියම කළේය.
බන්ධනාගාර නිලධාරීන් පැමිණෙන අවස්ථාවේදී අදාළ හෙරොයින් පාර්සලය මාරු කොට සඟවා ගැනීමට උත්සාහ කළ බවට සාක්ෂි ඉදිරිපත් වූ මෙම විත්තිකරු සමගම චෝදනා ලැබ සිටි දෙවැනි විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැති බවට තීරණය කළ විනිසුරුවරයා, නඩුවේ දෙවැනි විත්තිකරු වූ අලගර් සෙල්ලකුමාර් නමැත්තා නිදොස් කර නිදහස් කළේය.
මීට වසර 05කට පෙර කොළඹ, සේදවත්ත ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 2.39ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට වූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙලෙස ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලද්දේ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචි අමීර් පස්ලින් නමැත්තෙකුටය.
2013ජූලි මස 03 වැනිදා කොළඹ, මාලිගාකන්ද ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 3.05ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
වෙනත් අපරාධයක් සඳහා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අමීර් පස්ලින් නමැති විත්තිකරු මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය විසින් රිමාන්ඩ් බාරයට පත් කොට ඇති බවත්, සෙසු සැකරුවන්ද සමග ඔහු වැලිකඩ බන්ධනාගාරයට ගෙන යෑමට බන්ධනාගාර බස් රථය වෙත ගෙන යන අවස්ථාවේදී විත්තිකරු හෙරොයින් සහිත පාර්සලයක් ගෙන යෑමට උත්සාහ කරඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
එහිදී බන්ධනාගාර නිලධාරීන් ඔහු අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී විත්තිකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ගැලවීම සඳහා ඔහු අත තිබූ පාර්සලය නඩුවේ දෙවැනි විත්තිකාර සෙල්වකුමාර් නමැත්තා අතට මාරුකර ඇති බවත්, පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකරුවන් දෙදෙනාම හෙරොයින් පාර්සලය සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
ඉදිරිපත් වූසාක්ෂි සලකා බැලූ විනිසුරුවරයා පළමු විත්තිකරු හිතාමතා බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යෑමට උත්සාහ කර ඇති බවත්, දෙවැනි විත්තිකරු අදාළ පාර්සලය අතට ගෙන ඇත්තේ දැනුවත්භාවයකින් තොරව සිය සගයෙකු දීම හේතුවෙන් බවත් තීන්දු කළේය.
මේ අනුව දෙවැනි විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු වී නැතැයි තීරණය කරමින් සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළ විනිසුරුවරයා පළමු විත්තිකරුට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

