හෙද දීමනා වැඩි කරයි

හෙද හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 15,000 සිට 18,000 දක්වා වැඩි කිරීමටත්, භාණ්ඩ බාර ගැනීමේ දීමනාව රුපියල් 500 සිට රුපියල් 1,000 දක්වා වැඩි කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.
අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන් රාජකාරී සිදු කිරීමේදී මුහුණදී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී එම සංගමයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදීය.
හෙද සේවාව දීපව්‍යාප්ත සේවාවක් බවට පත් කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් එහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ හෙද සේවාව දීපව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම සඳහා පළාත් සභාවලද අනුමැතිය ලබාගත යුතු බවයි.
මේ වනවිට පළාත් සභා විසුරුවා හැර ඇති බැවින්, ඒ පිළිබඳ පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කරන ලෙස අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් ලබාදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
