ඉදිරි දිනවලදී (හෙට රාත්‍රියේ සිට) දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍ර දේශවල (විශේෂයෙන් දිවයිනට බස්නාහිර හා ගිණිකොළ දෙසින් වන මුහුදු ප්‍රදේශවල) සුළඟේ වේගය යම් ප්‍රමාණයකින් වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයදක දැක්වෙන්නේ මධ්‍යම හා ඌව පළාත්වලත්, හම්බන්තොට, අම්පාර, මඩකලපුව හා බදුල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි.
එසේම බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
