සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහිව සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම ඇතුළු කරුණු 10ක් මුල්කර ගනිමින් හෙට (03දා) දිනයේ පැවැත්වීමට නියමිත වැඩවර්ජනය ස්ථිරවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව හෙට උදෑසන 8 සිට එම වර්ජනය දිවයින පුරා රජයේ රෝහල්වල සිදුකරන බවද අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.