හෙට වෙනුවෙන් අද
පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් මේ මොහොතේ සමාජය තුළ කතාබහක් ඇති වීතිබුණද, එය තවමත් සාධනීය මට්ටමේ, දැනෙන බලපෑමක් බවට පත්වී නොමැත. හෙට උපදින මතු පරපුරට ජීවත්වීමට වටපිටාව සකස් කිරීම අද පරපුරරේ යුතුකම වුවද, අප විසින් හිතාමතා මගහරිමින් සිටිනු ලබන්නේද ඒ යුතුකමයි. ජීවත් වීම සඳහා පරිසරය විනාශ කරන්නන්ද, මුදල් උදෙසා පරිසරය විනාශ කරන්නන්ද, විනෝදය උදෙසා පරිසරය විනාශ කරන්නන්ද වශයෙන් පරිසරය විනාශ කරන්නෝ බොහෝය. ඔබ මේ කුමන අයුරකින් හෝ පරිසරය විනාශ කරන්නට දායක වන්නේ නම්, මඳක් නැවතී සිතන්න.
ඔබේ පියා දුටු නිල් දිය කඩිති, පලා පැහැති තණපිටි, කොළ පැහැති වනාන්තර ඔබ දුටුවාද? ඔබ අද දකින්නේ ඔබේ පියා දුටු ඒ සුන්දර ලෝකයෙන් 70%ක් පමණක් විය හැකිය. ඒ අනුව ඔබේ පුතා, දුවට දකින්නට ලැබෙන්නේ ඔබ දුටු ලෝකයෙන් කොතරම් නම් අල්ප ප්‍රමාණයක් විය හැකිද?
අද දිනයේ සිට 'අද' අපගේ උත්සාහය සොබාදහම රැකගැනීමට පුවත්පතකට කළ හැකි එක් බලපෑමක් කිරීමයි. මෙය දැවැන්ත ක්‍රියාදාමයක් නොවේ. එහෙත් මෙය දැවැන්ත ක්‍රියාදාමයක ආරම්භයක් වේවායි අපේ පැතුමයි. සෑම බදාදා දිනයක්ම 'සොබා බදාදා' දිනයක් බවට පත්කර, පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් යම් පෙළඹවීමක් ඇති කිරීම අපගේ අරමුණයි. එය දිනෙන් දින විනාශයට යන අපේ පරිසරය රැකගැනීමට සුඟක හෝ දායකත්වයක්දක්වන්නේ නම්, එවිට අපේ ව්‍යායාමය සාර්ථක වනු ඇතැයි අපි සිතමු.

-
Champa Wednesday, 04 July 2018 06:21 PM
හොඳ උත්සහයක්. මගේ සුබපැතුම් සහ උපරිම සහයෝගය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

