හුදෙකලා කර ඇති ප්‍රදේශයකින් ආසාදිතයින්
හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (08) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 46 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන් 46 දෙනා අතර වැඩි අසාදිතයන් පිරිසක් එකම පවුලේ සමාජිකයන් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
බගවන්තලාව පුලියාවත්ත නගරයෙන් 15 ක් , බගවන්තලාව වතු යායෙන් 09 ක් , මෝරා වතු යායෙන් 16 ක් ,තෙරේසියා වතු යායෙන් 05 ක් සහ කිලානි වතු යායෙන් 01 වශයෙන් අසාදිතයන් හමු වි ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
නව අසාදිතයන් පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවත්,එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව නව අසාදිතයන් හදුනාගත් බවත්, නව අසාදිතයන් 46 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට අසාදිතයන් 661 ක් දෙනෙකු හමු වි ඇති බවත්, කොවිඩ් මරණ 18 ක් සිදු වි ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

