ජපානයේ ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන හිතාචි සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. මේ සඳහා හිතාචි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටොෂියාකි හිඟෂිහාරා මහතාද එක්ව ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑම සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින කීර්තිනාමය වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම හරහා ලෝකයේ ඉහළ පෙළේ සමාගම් ශ්‍රී ලංකාව වෙත ආකාර්ශණය කර ගැනීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටින බවයි.
