හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාගේ වැඩවලට මම පළි නෑ
හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නොහැකිවීම පිළිබඳව තමන් පළි නොමැති බවත් සංවර්ධනයක් නොදුන් හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට දෝෂාරෝපණය කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මහනුවර, පන්විල, කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී ඊයේ (01දා) වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
රට සීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීම සිය අරමුණ වී තිබෙන බවත් ඒ සඳහා මේ වසරේ සහ ලබන වසරේදී වියදම් කිරීමට රුපියල් බිලියන 160 - 200 ක් අතර මුදලක් වෙන්කරන බවත් ඔහු පැවැසීය.
“අප මෙවැනි වැඩකටයුතු සිදු කරද්දි ඇතැම් මාධ්‍ය අපට දෝෂාරෝපණය කරනවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් මෙවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නොහැකිවීමට මම පළි නැහැ. මට දෝෂාරෝපණය කිරීමේ ඵලක් නැහැ. දෝෂාරෝපණය කළ යුත්තේ මෙවැනි සංවර්ධනයක් ඔබට ලබා නොදුන් හිට්ලර්ට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාටයි.
අප භාරගත්තේ පොලියත් , ණය වාරිකයත් ගෙවා ගැනීමට නොහැකිව තිබූ රටක්. වියළි කලාපයේ ජනතාව ණය බරින් මිරිකෙමින් සිටියා. රටේ ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි එවිට ජනතාව කල්පනා කළා. නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අප අපහසුවෙන් හේ රට ඉදිරියට ගෙන ගියා. අප ඒ අවස්ථාවේ පළාත් පාලන ආයතන මැතිවරණයත් පරාජයට පත් වුණා.
නමුත් අප අනුගමනය කළ පියවරයන් සාර්ථක නිසා රටේ ආර්ථික තත්ත්වය නැවතත් පාලනය වී තිබෙනවා. නමුත් ඉදිරි වසර 02 ක කාලය තුළ මීටත් වඩා හොදින් ජීවන වියදම පාලනය කරමින් ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා. අපි රටේ ජනතාවට බොරු කිව්වේ නැහැ. ජනතාවගෙන් බැනුම් ඇසුවා. විවේචන එල්ල වුණා. නමුත් දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා.”

-
Indrajith Monday, 02 July 2018 11:17 AM
මෙයා මොනවද මේ කියන කතා . වැදගත් විධියට හැසිරිය යුතුය .
Reply : 0 0
Champa Monday, 02 July 2018 12:28 PM
පොල්පොට්ගෙ මල්ලි පට්ට පොල් බොරු කියනවා. ආපු ගොඩක් නැහැ. ගොඩ ආව කියලා කියන්නේ වටිනාකම කියල නිම කරන්න බැරි මාගම්පුර වරාය ලොකු කොමිස් කුට්ටියකට නිකම් වගේ තුට්ටු දෙකට චීනෙට දීපු එක. චීනේ ඒක ගත්තේ නැත්නම් මිනිස්සුන්ට කෑම ඉල්ලගෙන පෝලිම් වල ඉන්න වෙනවා. කොළොඹ තියෙන හැම හොඳම ඉඩම් විතරක් නෙමෙයි කොළොඹට කිට්ටු නගර වල පවා ඉඩම් විදේශිකයන් හෝ විදේශ සමාගම් වලින් ගන්නවා. කිසි පාලනයක් නැහැ. LTTE කාරයෝ එක එකා දාල 2015 ඉඳන් ව්‍යාපාර ගන්නවා. යමපාලන ආණ්ඩුව යනකොට යන්නේ මුළු රටම විදේශිකයන්ගේ කොලනියක් කරලා. කෑව රටම. ---- සහෝදරයාට හිට්ලර් කියලා නම්බු නාම දුන්නට මහින්දට ඒක දාල කතා කරන එක වැරදියි. ඒක compliment එකක් backfire වෙච්ච අතිශය දුර්ලභ ශෝචනීය අවස්ථාවක්. මහින්දට හිට්ලර්ගේ සහෝදරයා කියලා කියන්න එපා. එහෙම කියන කොට මිනිස්සුන්ගේ හිත රිදෙන්න පුළුවන්.
Reply : 0 0
මුණසිංහ Monday, 02 July 2018 01:04 PM
ලැඡ්ඡ නැත් ද මෙයාට-එයා කරපු දෙයක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. මෙයා කරපු කෙං ගෙඩියක් නැති බව මෙයා නොදැනගත්තත් රටම දන්නවා....මෙයා කරපු එකම දෙය මහ බැංකුව මංකොල්ලකන්න ඉඩ දීපු එක විතරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

