හිටපු විභාග කොමසාරිස් ජනරාල් සිය මෝටර් රථය තුළදී මරණයට
හිටපු විභාග කොමසාරිස් ජෙනරාල්වරයෙකු වූ මහින්ද විජේසිරි මහතා හොරණ කැස්බෑව ප්‍රධාන මාර්ගයේ ඔහුගේ මෝටර් රථය තුළ මිය ගොස් සිටියදී අද (18දා)උදෑසන සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි
මහින්ද විජේසිරි මහතා දරු තිදෙනකුගේ පියකු වන අතර කහතුඩුව පොල්ගස්ඕවිට පදිංචිකරුවෙකි.
කැස්බෑව නගර ට ආසන්න ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට පැය භාගෙක අධික කාලයක් තිස්සේ නවතා තිබූ මෝටර් රථයක් පිළිබඳ එම ව්‍යාපාරික ස්ථානයෙ ආරක්ෂක නිලධාරියා විමසිලිමත්ව සොයාබැලීමේදී මෝටර් රථයේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයා වම්පස අසුනට බර ව වැටී සිටින අයුරු දැක ව්‍යාපාරික ස්ථානය මගින් පිලියන්දල පොලීසියට කල දැනුම්දීමක් අනුව කොමසාරිස්වරයාගේ මළ සිරුර සොයාගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.
කොමසාරිස්වරයාගේ මුදල් පසුම්බිය තිබූ දුරකථන අංකය ඔස්සේ ඔහුගේ ,ඥාතීන්ට මේ බව දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ මළ සිරුර හඳුනා ගත් බව පොලිසිය කියයි.
මියගිය හිටපු විභාග කොමසාරිස්වරයාවරයා ,කහතුඩුව පොල්ගස්ඕවිට නිවසේ සිට නුගේගොඩ දියණියගේ නිවසේ සිටින බිරිඳ කැටුව ඒම සඳහා යමින් සිටියදී මෙලෙස මියගොස් තිබූ බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බිමල් ශ්‍යාමන්
popular news
-
නිරංජලා දිල්රැක්ෂි Tuesday, 18 August 2020 10:27 PM
අපිදෙන්නේ සමගි ජන බලවේලගයඅපේ පුතිචාරය
Reply : 0 0
නිරංජලා දිල්රැක්ෂි Tuesday, 18 August 2020 10:27 PM
අපිදෙන්නේ සමගි ජන බලවේලගයඅපේ පුතිචාරය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

