හිටපු රාජ්‍ය ඇමතිගෙන් ආණ්ඩුවට විවේචනයක්
රට සංවර්ධනය කළ බවට ආණ්ඩුව සඳහන් කළත් ගෙවිගිය වසර තුනහමාරක කාලය තුළදී ආර්ථික වර්ධන වේගය 7.1% සිට 3.2% දක්වා අඩු වී තිබෙන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
රටේ සාර්ව ආර්ථික මූල්‍යයන් පිරිහී ඇති බවට ශ්‍රී ලංකා මහා බැංකුව පවසන බවත්, මේ ආකාරයට රටේ ආර්ථිකය කඩා වැටීමකට ලක්වුවහොත් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය දීමට නුසුදුසු රටක් ලෙසට ජාත්‍යන්තරය නම් කළ හැකි බවත් අද (28) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ඩොලරයේ මිල රුපියල් 161.8ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ අනුව ගෙවී ගිය කාලය තුළදී රුපියල 22%කින් අවප්‍රමාණයකට ලක්ව තිබෙන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

-
සාධාරණ මිනිසා Thursday, 28 June 2018 09:06 PM
ඔබතුමා මේ ආණ්ඩුවෙන් යන්න කියනකංම මේකෙ එල්ලිල නේද හිටියෙ
Reply : 0 0
Medalankara de Choppe Friday, 29 June 2018 09:22 AM
මේක පටන් ගත්තේ 1977 දීය එකල රුපියල ඩොලර් එකකට රු 16.00 අද රු 161.00, පෙට්‍රල් ලීටරය රු 3.00 අද රු 129.00. මේක තමා මහලොකු විවෘත ආර්ථිකයයි මහා ලොකු මොළ කාරයන්ගෙයි වැඩ. රනිල් මහත්තය කරන්නෙත් එකමයි.අන්තිමට ඔබටයි මට යි තමා මේවා ගෙවන්නවෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

